ජාතික භාෂා අධ්‍යාපන සහා පුහුණු ආයතනය මඟින් පවත්වන ලද මාර්ගගත භාෂා පුහුණුව සාර්ථකව නිම කළ රාජ්‍ය ආයතන නිලධාරීන් 120 දෙනකු සඳහා සහතික පත් ප්රදානය හැටන් උත්සව ශාලාවකදී පෙරේදා (13) පවත්වන ලදි. ලංකාවේ විවිධ ප්‍රදේශවල සිටින ගුරුවරුන් ඇතුළු විවිධ රාජ්‍ය ආයතනවල ද්‍රවිඩ නිලධාරීන් සඳහා සිංහල භාෂාව පිළිබඳව මාර්ගගත ක්‍රමය යටතේ පුහුණුව ලබා දීමට පියවර ගෙන ඇති අතර එම පුහුණුව සාර්ථකව නිම කළ පුහුණුලාභින් 120 දෙනකු සඳහා සහතික පත් ප්රදානය සිදු කරන ලදි. ජාතික භාෂා අධ්‍යාපන සහ පුහුණු ආයතනයේ සාමාන්‍යාධිකාරි චමින්ද මහලේකම් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සහතික පත් ප්රදානය සිදු කළ අතර මෙම අවස්ථාවට එහි පුහුණුකරුවන් වන ගපාර් අකිම්, පි.සකුන්තලා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් එක්වූහ.