Thursday, May 15, 2025
Home » ගලේ­වෙල හරහා හමා­ගිය දැඩි සුළ­ඟ­කින් නිවාස 08කට හානි

ගලේ­වෙල හරහා හමා­ගිය දැඩි සුළ­ඟ­කින් නිවාස 08කට හානි

by Gayan Abeykoon
May 15, 2025 1:01 am 0 comment

ගලේ­වෙල මධ්යම සමූහ

ගලේ­වෙල ප්‍රදේ­ශය හරහා පසු­ගිය 09 වැනිදා පස්ව­රුවේ ධාරා­නි­පාත වර්ෂා­වත් සමඟ හමා­ගිය දැඩි සුළ­ඟ­කින් නිවාස 08ක වහ­ල­ව­ලට හානි සිදුවී ඇති­ බව ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලයේ ආපදා අංශය පව­සයි. ඊට අම­ත­රව කොස් පොල් හා කොට්ට වැනි ගස්ද ඉදිරී වැටී ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් ජීවිත හානි හෝ කිසි­වෙ­කුට තුවාල සිදුවී නැති බව ආපදා කළ­ම­නා­ක­රණ අංශය පව­සයි. මෙසේ හානි සිදුවී ඇත්තේ මැද­බැද්ද, වේර­ග­ල­වත්ත, යටි­වැ­හැර, පුංචි රම්බ­ඩ­ගල්ල, කොස්ග­හ­හින්න, රාළ­ලා­රො­ට­වැව යන ගම්වල පිහිටි නිවාස හා ගස්කො­ළ­න්ව­ල­ටය. මෙම අලා­භ­හානි සිදු­වීම සම්බ­ණ්ධ­යෙන් වටි­නා­කම් තක්සේ­රු­වක් සිදු­කර නොමැති බවත් ඉදි­රි­යේදී ඒ සම්බ­න්ධ­යෙන් සුදුසු පිය­වර ගන්නා බව ආපදා කළ­ම­නා­ක­රණ අංශය පව­සයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT