Friday, May 16, 2025
Home » එස්පෙරන්සා ළමා හා යොවුන් මාධ්‍ය සමාජය සංවිධාන කළ සිඟිති අවුරුදු කුමරා – කුමරි තරගය

එස්පෙරන්සා ළමා හා යොවුන් මාධ්‍ය සමාජය සංවිධාන කළ සිඟිති අවුරුදු කුමරා – කුමරි තරගය

by chanaka
May 15, 2025 7:51 am 0 comment

එස්පෙරන්සා ළමා හා යොවුන් මාධ්‍ය සමාජය සංවිධාන කල සිඟිති අවුරුදු කුමරා – කුමරි තරගය පසුගියදා පැවැත්විණි.

මුලික වටයට බත්තරමුල්ල ප්‍රදේශයේ දරු දැරියෝ 76 දෙනෙක් ඉදිරිපත් වූහ. ඒ අතරින් ජයග්‍රහණ හිමි කරගත් දරුවන්ට තිළිණ ප්‍රදානය අප්‍රේල් 30වැනිදා සිදු කෙරිණී.

සිඟිති අවුරුදු කුමරා ලෙස හය හැවිරිදි K.A.D යුමෙන් ආකාශ් ද කුමරිය ලෙස දස හැවිරිදි .A.S මේධාවී රාජසිංහද සම්මාන ලැබූහ.ආකර්ෂණීයම සිඟිති අවුරුදු කුමරිය ලෙස නව හැවිරිදි දෙව්මි සත්සරණි කල්දේරා තේරී පත් විය.

මෙම තරගයට ඉදිරිපත් වූ දූ දරුවන් අතුරින් ඉහලම ක්‍රීඩා කුසලතා ඇති දරුවන් දෙදෙනෙකු වන බත්තරමුල්ල M.D.H ජයවර්ධන විද්‍යාලයේ දුල්සිත් ගෞරව පෙරෙරා ද , කොලඹ මහානාම විද්‍යාලයේ හිරුජ ටෙහන්දිව් අබේසේකර ද තිළිණ සහ සහතික පත්‍ර ලැබුහ. රංගන කුසලතා අතින් ඉහලම දක්ෂතා දැක්වූ බත්තරමුල්ල ඉන්දජෝති විද්‍යාලයේ කේ .එල්. ගිමාෂා පමුද්ධි ටද තිළිණ සහ සහතික පත්‍ර හිමිවිය.

බත්තරමුල්ල සුලිස් ක්ලෝසෙට් වෙතින් සහ පරිත්‍යාගශීලීන් පිරිසක් වෙතින් තරඟයට අනුග්‍රහය ලැබිණි. ක්‍රීඩා හා කලා ක්ෂේත්‍රයන්හි දක්ෂතා දක්වන දරුවන් පිරිසක්‌ද මෙහිදී තිළිණ ලැබූහ.

තිලිණ හා සහතික පත්‍ර පිරිනැමිම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ 2025 සූර්‍යය මංගල්‍යයේ අවුරුදු කුමරිය කිරුළ හිමිකර ගත් විරාගී සූරියආරච්චි සහ ප්‍රවීණ රූපලාවන්‍යය ශිල්පී ව්‍යාපාරික මහේශ් කුමාර අතින් සිදු කෙරිණී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT