ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමය මඟින් සංවිධානය කළ 49 වැනි ජාතික වයස් කාණ්ඩ පිහිනුම් ශූරතාවලියේ සමස්ත බාලක ශූරතාව මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය දිනාගත් අතර, බාලිකා ශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට හිමි විය.
නව තරග වාර්තා දාහතරක් සමඟින් පසුගියදා නිමාවට පත්වූ මේ ශූරතාවලිය කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්විණි.
මියුසියස් විද්‍යාලයේ රුෂාලි දිසානායක අවුරුදු 15න් පහළ නව තරග වාර්තා තුනක්, වත්තල ලයිසියම් විද්‍යාලයේ නවාංජනා සිරිවර්ධන වයස අවුරුදු 20න් පහළ නව තරග වාර්තා දෙකක්, රෝයල් ඉන්ස්ටියට් ජාත්‍යන්තර පාසලේ දිසාලි ලොකු විතාන වයස අවුරුදු 13න් පහළ නව තරග වාර්තා දෙකක් සහ 20න් ඉහළ කාණ්ඩයේ සෙනසි හේරත් නව තරග වාර්තා දෙකක් පිහිටුවනු ලැබුවාය.
වයස අවුරුදු 20න් පහළ බාලක ශූරතාව වත්තල ලයිසියම් විද්‍යාලයේ නික් ද සිල්වා විසින් දිනාගනු ලැබූ අතර, බාලිකා ශූරතාව ආරක්ෂක සේවා විද්‍යාලයේ දම්සරණි සේනානායක දිනාගනු ලැබුවාය. වයස අවුරුදු 17න් පහළ බාලක ශූරතාව ආසියානු ජාත්‍යන්තර පාසලේ මුවාස් බාරි සහ බාලිකා ශූරතාව ගෙපාරි දූලපන්දන් පිහිනුම් පාසලේ ජූලි හෝප් දිනාගනු ලැබූහ.
අවුරුදු 15න් පහළ බාලක ශූරතාව ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දුලක්ෂ ගණිඳු සහ බාලිකා ශූරතාව මියුසියස් විද්‍යාලයේ රුෂාලි දිසානායක දිනා ගනු ලැබූ අතර, වයස අවුරුදු 13න් පහළ බාලක සම ශූරතාව ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඒ.එච්.එම්. හකීම් සහ එස්එන්එස් පිහිනුම් පාසලේ ඩබ්ලිව්.එස්. සිරිවර්ධන දිනාගනු ලැබූහ.
බාලිකා ශූරතාව රෝයල් ඉන්ස්ටියුට් ආයතනයේ දිසාලි ලොකු විතාන දිනාගනු ලැබු අතර, වයස අවුරුදු 11න් පහළ බාලක ශූරතාව නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙතුන් රාජපක්ෂ සහ බාලිකා ශූරතාව මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ එච්.එම්. හේරත් දිනාගනු ලැබූහ.