ජයග්‍රාහක ජයග්රාහිකාවන්ට රුපියල් හත්ලක්ෂ පනස්දහසක මුදල් ත්‍යාග බෙදා දෙන පුත්තලම දිස්ත්‍රික් සමස්තලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය මේ මස 26 වැනිදා වෙන්නප්පුව ශ්‍රීමත් ඇල්බට් එෆ්. පීරිස් ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වේ.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් පන්දහසක් පමණ සහභාගි වීමට නියමිත මේ ශූරතාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පළමු මට්ටමේ තරගාවලියක් වන අතර. ඒ සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ පුත්තලම දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමය විසින් මෙහෙයවනු ලබන පුත්තලම දිස්ත්‍රික් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලියට අවුරුදු 11න් පහළ සිට අවුරුදු 19න් පහළ දක්වා කනිෂ්ඨ අංශයේ තරග, අවුරුදු 30න් ඉහළ සිට අවුරුදු 70න් ඉහළ දක්වා ජ්‍යෙෂ්ඨ අංශයේ තරග සමඟ කාන්තා හා පිරිමි විවෘත තරග අංශයේ ඒකල, යුගල හා මිශ්‍ර යුගල තරග ඇතුළත් ය.
තරගාවලියේ සමාරම්භක උත්සවය මේ මස 26 වැනිදා පෙරවරු පැවැත්වෙන අතර, එදින සිට මූලික වටයේ තරග ආරම්භ වීමට නියමිතය. අනතුරුව 29 දා අවසන් 16 දෙනාගේ තරග වටය හා අර්ධ අවසන් පූර්ව තරග වටය ඇරඹෙන අතර, අවසන් මහා තරග සහ සමාප්ති උත්සවය ලබන මස 1 වැනිදා පැවැත්වේ.
තරගාවලිය සඳහා අයදුම්පත් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ වෙබ් අඩවියෙන් හෝ 0761759017 දුරකතන අංකයෙන් සදීෂ ආදිත්‍ය ඇමතීමෙන් ලබාගත හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙන අතර, අයදුම්පත් භාර ගැනීම හෙට (16) අවසන් වන බව නිවේදනය කර තිබේ.