22
ශ්‍රී ලංකා යතුරුපැදි ක්‍රීඩා සම්මේලනය වාර්ෂිකව සංවිධානය කරන 2025 ජාතික යතුරුපැදි ශූරතා සම්මාන රාත්‍රිය ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා නාවික හමුදාවට අනුබද්ධ රාගම ‘විවෙන් ලංකා’ උත්සව ශාලාවේදී අද (15) පැවැත්වේ. 2025 වසරේ දක්ෂතා දැක් වූ යතුරුපැදි ධාවකයන් 15 දෙනෙකු උදෙසා ජාතික සම්මාන ප්රදානය සිදුකිරීම මෙහිදී සිදු වේ.