Friday, May 16, 2025
Home » ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් කෝටි 20ක ආදායමක්

ජනපති කාර්යාලයේ වාහන වෙන්දේසියෙන් කෝටි 20ක ආදායමක්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

උපාලි කරුණාරත්න

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන වෙන්දේසියේ දෙවැනි දිනයේදී ඊයේ (15) වාහන අලෙවියෙන් කෝටි 20 ඉක්මවූ මුදලක් උපයා ගෙන තිබේ.

එම දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය ඊයේ (15) පැවැත්විණි.

මෙම වාහන මිලදී ගැනීම සඳහා විශාල ඉල්ලුමක් පැවති ව්‍යාපාරිකයෝ 108 දෙනකු පමණ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

හිටපු මැති ඇමැතිවරුන් හා හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලයේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (01) වගන්තිය යටතේ පත් කරන ලද උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබූ වාහන 26ක් මෙලෙස වෙන්දේසි කර තිබූ අතර ඉන් 17ක්ම ඊයේ දිනයේදී අලෙවි විය.

ඒ අනුව BMW මෝටර් රථ 01ක්, Ford Everest රථ 02ක්, Hyundai Terracan රථ 01ක්, Land Rover Discovery රථ 02ක්, Mitsubishi Montero රථ 01ක්, Nissan පෙට්‍රල් රථ 03ක්, Nissan වර්ගයේ මෝටර් කාර් 02ක්, Porsche Cayenne මෝටර් රථ 01ක්, SsangYong Rexton වර්ගයේ ජීප් රථ 05ක්, Land Cruiser Sahara වර්ගයේ රථ 01ක්, V 08 රථ 06ක්, සහ Mitsubishi Rosa වර්ගයේ වායු සමීකරණය කළ බස් රථයක් ඊයේ වෙන්දේසියට ඉදිරිපත් කර තිබිණි.

රජයේ වියදම් කපා හැරීම සහ මූල්‍ය වගවීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් මෙලෙස ජනාධිපති කාර්යාලය සතු වාහන විකිණීමට තීරණය කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT