ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමඟ රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල් මිලියන හත්දහස් තුන්සියයක උපාය මාර්ගික ණය ගිවිසුමකට එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී ඉකුත්දා අත්සන් තබන ලදී.
මෙම ගිවිසුම NSBM හරිත සරසවිය වෙනුවෙන් එහි උපකුලපති මහාචාර්ය ඊ.ඒ. වීරසිංහ මහතා සමඟින් නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය චමින්ද රත්නායක මහතා, ලංකා බැංකුවේ මහා කළමනාකරු සාමාන්‍යාධිකාරි රසල් ෆොන්සේකා මහතා ඉදිරියේ අත්සන් කෙරිණි.
හරිත සරසවිය ඉතා සාර්ථකව සිදු කළ අභ්‍යන්තර මෙහෙයුම් කළමනාකරණයෙන් උපයාගත් අතිරික්ත ලාභය යොදා දැනටමත් ආරම්භ කර තිබෙන දෙවැනි සංවර්ධන අදියර සපුරා ගැනීම මෙම ගිවිසුමට අත්සන් තැබීම මඟින් බලාපොරොත්තු වෙයි.
එමගින් විද්‍යා පිඨයේ ඉදිකිරීම් කටයුතු සපුරා නිමකොට, නවීන බහු ප්‍රයෝගි ශ්‍රවණ සංකීර්ණය ද සෙසු පහසුකම්ද ජාත්‍යන්තර තලයට නංවාලනු ඇත.
මේ සංවර්ධනයේ ප්රතිලාභ දැනටමත් ප්‍රධාන පීඨ පහක් යටතේ හරිත සරසවියේ අධ්‍යාපනය ලබමින් සිටින 13,000ක සිසු පිරිස වෙනුවෙන් ලැබෙනු ඇත.
ශක්තිමත් මූල්‍ය පාලනය සහ දිගු කාලීන දැක්මක විශිෂ්ටභාවය පෙන්වා දුන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වීරසිංහ මහතා සඳහන් සඳහන් කරමින් කියා සිටියේ
“අපේ NSBM හරිත සරසවිය ලංකා බැංකුව සමඟ පළමුවැනි අදියරය සඳහා වන රුපියල් බිලියන 8.6ක ණය ගිවිසුම එකඟ වූ පරිදිම නැවත ගෙවන්න අපි කටයුතු කළා. කොරෝනා අර්බුදය, ආර්ථික අර්බුදය ඇතුළු ඉතා සංකීර්ණ ආර්ථික තත්ත්ව වලට ලංකාව මුහුණ දුන්නත් කිසිදු ණය පැහැර හැරීමක් අපෙන් සිදු වුණේ නෑ. සංවර්ධන කටයුතු විධිමත් මූල්‍ය පාලනයක් සහිතව කරගෙන යන අපේ විශ්ව විද්‍යාලය ගැන ලංකා බැංකුව තැබූ විශ්වාසයට සහ නිරන්තරයෙන් ලබාදෙන මූල්‍ය සහයෝගය වෙනුවෙන් මම ස්තුති කිරීමට කැමති බවය.
ලංකා බැංකුවේ මහා කළමනාකරු රසල් ෆොන්සේකා මහතා පැවසුවේ.
NSBM හරිත සරසවියේ සංවර්ධනය වෙනුවෙන් සහාය දැක්වීමට ලැබීමත් අපට මහත් ආඩම්බරයක්. ලංකා බැංකුව ජාතියේ මහා බැංකුව ලෙස ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික ප්‍රවර්ධනමය ව්‍යාපෘති සඳහා මූල්‍ය උපකාරය සැපයීමට කැපවී සිටිනවා. විශේෂයෙන්ම අධ්‍යාපනයේ උන්නතිය සඳහා අප කැපවී සිටිනවා යනුවෙනි.