දශක තුනක් පුරා මෙරට සිසුන්ට අමෙරිකානු ප්‍රමිතිගත අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසන American College of Higher Education (ACHE), London Business Consultancy සංවිධානය කළ Global Business Excellence 2025 සම්මාන උලෙළේදී විශිෂ්ටම අමෙරිකන් ප්‍රමිතිගත අධ්‍යාපන ආයතනය ලෙස සම්මාන ලැබුවේය. 1995දී ඇරඹුණු ACHE ආයතනය දේශීයව සහ විදේශීයව උසස් අධ්‍යාපනය හැදෑරීමට බලාපොරොත්තු වන සිසුන්ට නිවැරදි මඟපෙන්වන අධ්‍යාපන ආයතනයක් ලෙස විශ්වාසය දිනා ඇත. අෙමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි Keiser විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර මධ්‍යස්ථානය ලෙස ක්‍රියාත්මක වන මෙම ආයතනය American Associate Degree පිරිනැමීම සඳහා අමෙරිකා එක්සත් ජනපදයේ Southern Association of Colleges and Schools Commission on Colleges (SACSCOC) ආයතනයේ අනුමැතිය සහිත මෙරට එකම අමෙරිකානු අධ්‍යාපන සේවා සපයන්නා ද වේ.
ACHE ආයතනය හා සම්බන්ධ වන සිසුන්ට සිය උපාධියේ පළමු වසර දෙක මෙරටදී සම්පූර්ණ කර අනතුරුව අමෙරිකා එක්සත් ජනපදයේ හෝ වෙනත් රටක විශ්වවිද්‍යාලයක උපාධියේ ඉතිරි වසර දෙක සම්පූර්ණ කළ හැකිය. මේ වනවිට 5,000කට අධික සිසු පිරිසක් එම ආයතනයේ එක්සත් ජනපද උපාධි හුවමාරු වැඩසටහන හරහා අමෙරිකානු එක්සත් ජනපදය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, නවසීලන්තය වැනි රටවල විශ්වවිද්‍යාලවලට ඇතුළත් වී ඇත.
ව්‍යාපාර අධ්‍යයනය, මනෝ විද්‍යාව, තොරතුරු තාක්ෂණය, ඉංජිනේරුකරණය, කෘත්‍රිම බුද්ධිය, විශ්ලේෂණ, ජීව විද්‍යාව ඇතුළු ක්ෂේත්‍ර රැසකට අදාළ අධ්‍යාපන වැඩසටහන් ACHE ආයතනයේදී හැදෑරිය හැකිය. සහතික පත්‍ර, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා, ප්‍රථම උපාධි, ශාස්ත්‍රපති සහ ආචාර්ය උපාධි දක්වා වන සුදුසුකම් දේශීය වශයෙන් සපුරා ගැනීමට ද සිසුන්ට අවස්ථාව තිබේ. ACHE ආයතනයේ ප්‍රධාන ශාඛාව දෙහිවල පිහිටා ඇති අතර අනෙකුත් ශාඛා මහනුවර, මීගමුව, කුරුණෑගල සහ ගාල්ලේ පිහිටා ඇත. ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සැපැයීමෙන් ඔවුන්ගේ පෞද්ගලික සහ වෘත්තීය සංවර්ධනයට සහාය දීම සිය ප්රමුඛ අරමුණ කර ගත් එම ආයතනය පසුගිය දශක තුනක කාලය පුරා දෙස් විදෙස් සම්මාන රැසක් ලබා තිබේ.