Friday, May 16, 2025
Home » Sun Siyam Pasikudah Tripadvisor Travelers’ Choice Bes t of the Best සම්මානයෙන් පිදුම් ලබයි

Sun Siyam Pasikudah Tripadvisor Travelers’ Choice Bes t of the Best සම්මානයෙන් පිදුම් ලබයි

ලොව හොඳම Resorts හෝටල් සියයට 10 අතරට එක්වෙයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

මෙරට නැඟෙනහිර වෙරළ තීරයේ පිහිටි සුඛෝපභෝගී Sun Siyam Pasikudah හෝටලය, ජාත්‍යන්තර Tripadvisor’s Travelers’ Choice, Best of the Best for 2025 සම්මානයට පාත්‍රවී තිබේ. ඒ අනුව ලොව හොඳම Resorts හෝටල් සියයට 10 අතරට පිවිසීමට Sun Siyam Pasikudah සමත්ව තිබේ. මෙය හෝටලය මඟින් පිරිනමන සුවිශේෂී ආගන්තුක සත්කාර, තිරසර භාවිතාවන් සහ ප්‍රජා දායකත්වය වෙනුවෙන් ලැබුණු තවත් සුවිශේෂී ජයග්‍රහණයකි.

ලොව විශාලතම සංචාරක මඟපෙන්වීම් වෙබ් අඩවිය වන Tripadvisor යනු සංචාරකයන්ගේ පරිහරණයෙන් පෝෂණය වූ වෙබ් අවකාශයකි. මෙම සම්මානයට ද පාදක වී ඇත්තේ ඉකුත් මාස 12කට වැඩි කාලය තුළ හෝටලය වෙත පැමිණ එහි සත්කාර අත්විඳි සංචාරකයන්ගේ අත්දැකීම්වීම කැපීපෙනේ. එමඟින් සංචාරකයින් අතර Sun Siyam Pasikudah හිමිකරගෙන ඇති ජනප්‍රියත්වය ද විශ්වාසනීය ලෙස පිළිබිඹු වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT