Friday, May 16, 2025
Home » තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සිංගප්පූරුවේදී හමුවක්

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට සිංගප්පූරුවේදී හමුවක්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ශ්‍රී ලංකාව නව ඩිජිටල් පරිවර්තනයකට යොමුකිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුගතව ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ සමාගම් නියෝජනය කරන වෘත්තිකයන් සහ සිංගප්පූරුවේ එම ක්ෂේත්‍රයේ කටයුතු කරන ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණ වෘත්තිකයන් අතර සම්බන්ධතා ගොඩනැඟීමේ හා වර්ධනය කිරීමේ හමුවක් එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ දී මෙම 24 වැනිදා පැවැත්විණි.

එම හමුව දියත් කරමින් අදහස් දැක්වූ මහකොමසාරිස් සෙනරත් දිසානායක මහතා අවධාරණය කළේ , ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය කෙරෙහි තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය තීරණාත්මකව වැදගත් වන බවය. එසේම රටට විදේශ විනිමය ගෙනඒමේ දී හා රැකියා වෙළෙඳපොළ අරබයා ද එය ඉහළ වැදගත්කමක් සහිත මූලාශ්‍රයකි. නව රජයේ ඩිජිටල් පරිවර්තන වැඩපිළිවෙළ යටතේ ප්‍රමුඛතාවක් ලෙස ප්‍රකාශයට පත්වී ඇති රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ හා දූෂණය අවම කිරීමේ ප්‍රතිපත්තියේ දී එම අභිමතාර්ථ සාධනය කරගැනීම වෙනුවෙන් රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ මෙන්ම විද්වතුන්ගේ, වෘත්තිකයන්ගේ හා සිවිල් සමාජයේ සාමූහික ක්‍රියාකාරිත්වයේ අවශ්‍යතාව ද මහකොමසාරිස්වරයා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය .

මෙම හමුව සංවිධානය කිරීම මඟින් ද එම සාමූහිකත්වය හා අන්තර් සම්බන්ධතා දිරිගැන්වීම අරමුණු කෙරිණි.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වන IBM, ORACLE, HP වැනි සමාගම්හි නියුතු ශ්‍රී ලාංකේය වෘත්තීය ප්‍රවීණයෝ සහ ශ්‍රී ලංකාවේ සිට පැමිණි තොරතුරු තාක්ෂණ වෘත්තීය ප්‍රවීණයෝ මෙම හමුවේ දී සිය දැනුම හා අත්දැකීම් හුවමාරු කරගනිමින් එම සබඳතාවන්ගේ නව පරිච්ඡේදයක් ඇරැඹූ අතර මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය වෙනුවෙන් සහාය වීමට ඇති හැකියාව සොයාබැලීමට ද එකඟ වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT