Friday, May 16, 2025
Home » මෙරට පාම් ඔයිල් වගාව තහනම් කිරීම නැවත සලකා බලන්න!

මෙරට පාම් ඔයිල් වගාව තහනම් කිරීම නැවත සලකා බලන්න!

Asian PalmOil Alliance (APOA) ජනපතිගෙන් ඉල්ලයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

The Asian PalmOil Alliance (APOA), The Solvent Extractors’ Association of India හි මූලස්ථානය, පාම් ඔයිල් නිෂ්පාදනය, පිරිපහදු කිරීම සහ වෙ‍ෙළඳාමේ යෙදී සිටින අතර ආසියාව පුරා සමාගම් සහ කර්මාන්ත සංවිධානවල ලාභ නොලබන එකතුවක් ලෙස නියෝජනය කරයි. ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව තහනම් කිරීමේ ප්‍රතිපත්තිය නැවත සලකා බලන ලෙස එම ආයතනය ඉල්ලා සිටින අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් කරුණු කිහිපයක් අවධාරණය කරයි.

කලාපයේ ආර්ථික අර්බුද සහ පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය එළවළු තෙල් සැපයුම් දාමයන් දැඩි ලෙස කඩාකප්පල් වී ඇති අතර, කලාපයේ ආහාර සුරක්ෂිතතා අභියෝග සංකීර්ණ කර ඇත. ආහාරයට ගතහැකි තෙල්වලින් බහුතරයක් ආනයනය කරන ශ්‍රී ලංකාව, ආනයන මත යැපීම හේතුවෙන් සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් ගලා යාමකට මුහුණ දී ඇත.

පාම් ඔයිල් ශ්‍රී ලංකාවට උපායමාර්ගික වෙ‍ෙළඳ අංශයක් ලෙස ප්‍රවර්ධනය කළ හැකි බව අපි විශ්වාස කරමු. ශ්‍රී ලාංකිකයන් පාම් ඔයිල් විවිධ අවශ්‍යතා සදහා භාවිත කරයි: දන්තාලේප සිට ෂැම්පු, සබන්, ලිප්ස්ටික්, රසකැවිලි, බේකරි නිෂ්පාදන ආදිය සඳහා පාම් ඔයිල් අනිවාර්ය අංගයකි. එය සියලුම පාරිභෝගික නිෂ්පාදනවලින් 50%ක් වන අතර කාර්මික යෙදුම් රාශියක ප්‍රධාන කාර්යයක් ඉටු කරයි. බොහෝ රටවල්වල පාම් තෙල් වෙනුවට වෙනත් විකල්ප භාවිත නොකරයි.

ශ්‍රී ලංකාවේ පසුගිය දශකය තුළ ආහාරයට ගතහැකි තෙල් පරිභෝජනය 3%කින් (සංයුක්ත වාර්ෂික වර්ධන වේගය) වර්ධනය වී ඇත. වර්තමානයේ, දේශීය පරිභෝජනය මෙට්‍රික් ටොන් 264,000ක් පමණ වන අතර, එයින් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 20%ක් පමණ වේ. එබැවින් මෙම හිඟය පියවා ගැනීම සඳහා දැනට පවතින මෙට්‍රික් ටොන් 40,000ක පොල් වගාව ව්‍යාප්ත කිරීම ආර්ථික වශයෙන් හෝ තාක්‍ෂණික වශයෙන් අසීරු කාර්යයක් වේ. වර්තමානයේ, ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් වගාව හෙක්ටයාර් 12,000ක් පමණ ආවරණය කරයි. එය රටේ මුළු කෘෂිකාර්මික භූමි ප්‍රමාණයෙන් 1%ට වඩා අඩුය. මෙම භූමි ප්‍රමාණය පුළුල් කිරීමෙන් දේශීය ගොවීන්ට, විශේෂයෙන්ම කුඩා වතු හිමියන්ට ආදායම් සහ ජීවනෝපාය වර්ධන අවස්ථා නිර්මාණය කරන අතරම ආනයනය සැලකිය යුතු මට්ටමකින් අඩු කර ගැනීමේ හැකියාව පවතී.

“ගෝලීය වශයෙන් කුඩා වතු හිමියන් පාම් තෙල් වගාකරුවන් ලෙස ඉදිරියෙන් සිටියි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පාම් ඔයිල් අංශයට ඇත්තේ සුළු වතු හිමියන්ගේ කුඩා ප්‍රමාණයක සහභාගිත්වයක් පමණි. RPC නොවන (ප්‍රාදේශීය වැවිලි සමාගම්) ආයතන කිහිපයක් පමණක් දැනට පාම් තෙල් වගාවෙහි නියුතු අතර ප්‍රධාන RPCs ක්‍රියාත්මක වන කලාපවලම පාම් ඔයිල් වගාව ද සිදු කර ඇත. කෙසේ වෙතත්, 2024 වසරේ ජූලි මාසයේදී කොළඹදී පැවති “ශ්‍රී ලංකාවේ එළවළු තෙල් සඳහා වූ ජාතික මෙහෙවර” යන මැයෙන් වූ සාකච්ඡාවේදී සහ අප විසින් මීට පෙර මේ සම්බන්ධයෙන් සිදු කළ ක්‍රියාකාරකම්වලදී, ශ්‍රී ලංකාවේ පාම් තෙල් වගාව ආරම්භ කිරීමට කුඩා වතු හිමියන් 3,000කට වැඩි ප්‍රමාණයක් උනන්දුවක් දක්වන බව දැනගන්නට ලැබීම සතුටට කරුණක් යනුවෙන් ලිපියෙන් අවධාරණය කරයි.

මෙරට එළවළු තෙල් ස්වයංපෝෂිත ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා සහාය වීමට අදාළව පහත සඳහා මූලික ක්‍රියාකාරකම් Asian PalmOil Alliance ලිපිය මඟින් යෝජනා කර තිබේ.

1) පාම් ඔයිල් ඵලදායිතාව ඉහළ නැංවීම සඳහා ජාන සම්පත් කළමනාකරණය, බෝග වැඩිදියුණු කිරීම සහ නිෂ්පාදන තාක්ෂණයන් පිළිබඳ මූලික, උපායමාර්ගික සහ ව්‍යවහාරික පර්යේෂණ සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ඉන්දියානු පර්යේෂණ ආයතන අතර සහයෝගීතාව දිරිමත් කිරීම.

2) අත්දැකීම් බෙදාහදා ගැනීමට සහ එළවළු තෙල්වලින් ස්වයංපෝෂිතවීමට සහ විදේශ විනිමය ගලායාම අවම කිරීමට රට තුළ පාම් ඔයිල් මෙට්‍රික් ටොන් 250,000ක් නිෂ්පාදනය කිරීමට දැක්මක් සහිත පාම් ඔයිල් නිෂ්පාදන මෙහෙයුම් සැලසුම් කිරීමේදී ශ්‍රී ලංකා රජයට සහය වීම.

APOA හි සභාපති ශ්‍රී අතුල් චතුර්වේදි

APOA හි සභාපති ශ්‍රී අතුල් චතුර්වේදි

3) ශ්‍රී ලංකාවට ස්වකීය තිරසර රාමුවක් සැකසීමට මෙම ආයතනය සහාය ලබා දීමට එකඟ වන අතරම වෙ‍ෙළඳ නොවන භාණ්ඩයක් ලෙස තහනම් කිරීමට වඩා පාම් ඔයිල්වල තිරසර නිෂ්පාදනය සහ වෙ‍ෙළඳාම ප්‍රවර්ධනය කිරීම වඩාත් ඵලදායී ක්‍රමයක් බව තරයේ පෙන්වා දෙති.

4) කලාපීය ජාල සහ ප්‍රවීණත්වය උපයෝගී කර ගනිමින් ක්ෂේත්‍රයේ ආයෝජන ප්‍රවර්ධනයට පහසුකම් සැලසීමට ඔවුන් සූදානමින් සිටින බව අවධාරණය කරන අතර, ශ්‍රී ලංකාවේ තිරසාර පාම් තෙල් ව්‍යාපෘති සඳහා අරමුදල් සොයා ගැනීම සඳහා ආයෝජකයින්, සංවර්ධන හවුල්කරුවන් සහ දේශීය පාර්ශ්වකරුවන් සමඟ කටයුතු කළ හැකි බවට පෙන්වා දෙයි.

Asian PalmOil Alliance පවසන්නේ පාම් ඔයිල් එහි පරිවර්තනීය හැකියාව ඉස්මතු කරමින් තිරසර සංවර්ධන ඉලක්ක (SDGs) 17 සහ උප ඉලක්ක 15කට දායක වන බවය. තහනමකට වඩා තිරසර පාම් ඔයිල් වගාව ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු සමාජ-ආර්ථික හා පාරිසරික ප්‍රතිලාභ රැසක් අත්කර දෙනු ඇතැයි තරයේ විශ්වාස කරන බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT