මම රංගනයෙන් දායක වූ චිත්‍රපට 04ක් පමණ තිරගත වීමට නියමිතයි. චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ, මාගම් සෝලි, අරුණ අබේරත්නගේ චිත්‍රපට 2ක් ආදිය ඊට ඇතුළත්. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ටෙලිනාට්‍යවල නම් මං රංගනයෙන් දායක වූ නිර්මාණ නැහැ.
ජගත් බෙනරගම ප්‍රවීණ රංගන ශිල්පියෙක්. වේදිකාව, පුංචි තිරය, සිනමාව හරහා හපන්කම් පෙන්වූ ඔහු මේ දිනවල ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයටත් පිවිස සිටිනවා. ජගත්, පුංචි තිරයට හාපුරා කියා, ‘මම සහ ඔබ’ ටෙලිනාට්‍යය අධ්‍යක්ෂණයටයි සූදානම. එහි නිෂ්පාදනය ප්‍රසාද් දිසානායකගෙන්. ඉකුත්දා එම ටෙලියේ තේමා ගීතය වන, උඩු සිත – යටි සිත ගීතය පටිගත කළේ, ඒ කොළඹ, විජේරාම ඇඩික් ශබ්දාගාරයේදීයි. සුබුද්ධි ලක්මාලි, ඩිලාන් වික්‍රමසිංහ, ඉසුරු මෙනේරිපිටිය ඊට ගැයුමින් එක් වෙනවා. මේ වසර තුළදී එම ටෙලිනාට්‍ය පුංචි තිරයට ගෙන ඒමට හැකි වෙතැයි ජගත් විශ්වාස කරනවා. අපි දැන් ඒ ඇතුළු කලා කටයුතු පිළිබඳ ඔහුගෙන් වැඩිදුරටත් විමසමු.
‘ මම රංගනයෙන් දායක වූ චිත්‍රපට 04ක් පමණ තිරගත වීමට නියමිතයි. චමින්ද ඉලුක්වෙල අධ්‍යක්ෂණය කළ, මාගම් සෝලි, අරුණ අබේරත්නගේ චිත්‍රපට 2ක් ආදිය ඊට ඇතුළත්. මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ටෙලිනාට්‍යවල නම් මං රංගනයෙන් දායක වූ නිර්මාණ නැහැ. ඒත්, ඉදිරියේදී විකාශය වීමට නියමිත ටෙලි නාට්‍ය කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. හැබැයි, ආරාධනා ලැබුණත් මට දැනෙන, මට එතරම් කරන්න දෙයක් නැහැයි කියලා හිතුණු ඒවාට මං ගියේ නැහැ. මේ වන විට ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණයට පිවිසෙන නිසා වෙනත් වැඩ බොහොමයක්ම තරමක් පසුපසට ගෙන ගියා. මම සහ ඔබ ටෙලිනාට්‍යය ටිකක් වෙනස් එකක්. ඒ වෙනසට මම හුඟක් කැමතියි.
ඒ වගේම, ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ නාට්‍ය ඉදිරියට ගෙනයෑමේ අරමුණ ඇතිව අපි එකමුතුවක් විදියට කටයුතු කරනවා. ඒ අනුව මනෝරත්නයන්ගේ අන්දරේලා, තලමල පිපිලා, ගුරු තරුව නාට්‍ය මූලික වශයෙන් වේදිකාවට ගෙන ඒමට කටයුතු කරනවා. එහිදී අන්දරේලා නාට්‍යය පැරණි නළු නිළි පිරිවරම නැවත රඟදැක්වීමට නියමිතයි. ඒ කටයුතුවලදී රත්නා ලාලනී ජයකොඩි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. තලමල පිපිලා නාට්‍යය ප්‍රසන්නජිත් අබේසූරියගේ ප්‍රධානත්වයෙන් යුතුව නැවත වේදිකාගත කිරීමට කටයුතු කෙරෙනවා. ඒ හැරෙන්නට ගුරු තරුව නාට්‍යය නැවත වේදිකාවට ගෙන ඒමේ කටයුතුවල වගකීම මට පැවරී තිබෙනවා….’

මම සහ ඔබ ටෙලිනාට්‍යයේ ගීත පටිගත කිරීමකදී