පාකිස්තානයේ ත්‍රස්තවාදය තුරන් කිරීමට සහාය වන්නැයි ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
පාකිස්තානයට අයත් ප්‍රාන්තයක් වන බලුකිස්තානයේ ස්වයං රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරන බවට බලුකිස්තාන විමුක්ති හමුදාව අනතුරු අඟවා ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වාර්තා කළේය. පාකිස්තානය තුළ ක්‍රියාත්මක වන ත්‍රස්තවාදය නැවැත්වීමට හා න්‍යෂ්ටික අවදානම වළක්වා ගැනීමට එම හමුදාව ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් කර ඇතැයි ද ඉන්ඩියා ටුඩේ පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය. එම ඉල්ලීම විශේෂයෙන් ඉන්දියාවෙන් සිදු කරන බව සඳහන් කර ඇති බලුකිස්තාන විමුක්ති හමුදාව පාකිස්තානය ත්‍රස්තවාදය ව්‍යාප්ත කරන බවට ද චෝදනා එල්ල කර ඇතැයි ඉන්ඩියා ටුඩේ පුවත් සේවය සඳහන් කළේය.
පාකිස්තානයේ දකුණු දෙසින් පිහිටි ප්‍රාන්තයක් වන බලුකිස්තානයේ විමුක්ති හමුදාව නමින් ක්‍රියාත්මක වන සන්නද්ධ කණ්ඩායම වසර ගණනාවක සිට රජයේ හමුදාවට එරෙහිව ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, පසුගිය කාලයේ පාකිස්තාන හමුදාව ඉලක්ක කරමින් ස්ථාන 51කදී සිදුවූ ප්‍රහාර 71ක වගකීම භාර ගන්නා බව නිවේදනය කර තිබේ.
බලුකිස්තාන විමුක්ති හමුදාව විදේශීය බලවේගයකට හෝ වෙනත් රටක අවශ්‍යතාව මත ක්‍රියාත්මක වන බවට පාකිස්තාන රජය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත්, බලුකිස්තාන ප්‍රාන්තය තුළ දේශපාලනික හා උපායමාර්ගික සැලසුම් සම්බන්ධව ක්‍රියාත්මකවීමට සිය හමුදාවට අයිතිය ඇති බවත් ප්‍රකාශ කළ බව වාර්තා වේ.