Friday, May 16, 2025
Home » ඉන්දීය-අප්‍රිකා වෙළෙඳාම 18%කින් ඉහළට

ඉන්දීය-අප්‍රිකා වෙළෙඳාම 18%කින් ඉහළට

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ඉන්දියාව සහ අප්‍රිකානු මහාද්වීපය අතර වෙළෙඳ සහයෝගිතාව 18%කින් ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රිකානු මහාද්වීපය ඉන්දියාවේ සිව්වැනි විශාලතම වෙළෙඳ සහකරු බවත්, වසර 2023දී පමණක් දෙපාර්ශ්වය අතර වෙළෙඳාම අමෙරිකානු ඩොලර් බිලියන 103 ඉක්මවා ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දියාවෙන් අප්‍රිකාවට යන්ත්‍රෝපකරණ, රසායනික ද්‍රව්‍ය හා රථවාහන අපනයනය කරන අතර, අප්‍රිකාවෙන් ඛනිජ ද්‍රව්‍ය, තෙල් හා කෘෂිකාර්මික නිෂ්පාදන ආනයනය කරනු ලබයි.

ගතවූ වසර දෙකක කාලය ඇතුළත ඉන්දීය අප්‍රිකානු වෙළෙඳාම කැපීපෙනෙන ප්‍රගතියක් අත්කර ගනු ලැබුවද, එමඟින් අප්‍රිකාවේ විශාලතම වෙළෙඳ සහකරු වන චීනයට කිසිදු බලපෑමක් සිදු නොවූ බව ද වාර්තා වේ. පසුගිය වසරේදී අප්‍රිකානු කලාපය හා චීනය අතර වෙළෙඳ ගනුදෙනු ඩොලර් බිලියන 295 ඉක්මවා ඇතැයි ද, චීනයෙන් යන්ත්‍රෝපකරණ හා ප්‍රාථමික භාණ්ඩ අපනයන කිරීමේදී අප්‍රිකාවෙන් බොරතෙල්, යපස් හා ඛනිජ ද්‍රව්‍ය ආනයනය කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT