Friday, May 16, 2025
Home » වසර 25කට පසු අමෙරිකා-සිරියා රාජ්‍ය නායක හමුවක්

වසර 25කට පසු අමෙරිකා-සිරියා රාජ්‍ය නායක හමුවක්

by mahesh
May 16, 2025 1:01 am 0 comment

මැදපෙරදිග සංචාරයක නිරතවූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිරියාවේ අන්තර්වාර රජයේ ජනාධිපති අහමඩ් අල් ෂාරා සෞදි අරාබියේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය දෙරටේ රාජ්‍ය නායකයන් වසර 25කට පසු මුණ ගැසුණු පළමු අවස්ථාව ලෙස ඉතිහාසයට එක්වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. දශක දෙකකට වැඩි කාලයක් පුරා යුද ගැටුම්වලින් හා ජාත්‍යන්තර සම්බාධකවලින් පීඩාවට පත්වූ සිරියාවට නැවත නැඟී සිටීමට එය අවස්ථාවක් වනු ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මැදපෙරදිග සහයෝගිතා සමුළුවේ නායකයන්ගේ රැස්වීමට සමාගාමීව පැවැති එම හමුව ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ වරක් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අමෙරිකාව විසින් වරෙන්තු නිකුත් කර තිබීම හේතුවෙන් බව ද වාර්තා වේ. දශක 5කට වැඩි කාලයක් සිරියාව පාලනය කළ අසාද් පවුල සිරියාවෙන් පලවා හැරීමෙන් පසු එරට නව නායකයා ලෙස පත්වූ අහමඩ් අල් ෂාරා අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තු සපයන්නකුට ඩොලර් දසදහසක මුදල් ත්‍යාගයක් පිරිනැමීම බව ද එවකට අමෙරිකාව නිවේදනය කර තිබිණි. රාජ්‍ය නායකයන් දෙදෙනා මුණ ගැසීමෙන් පසු රියාද් නුවර වාර්තාකරුවන් ඇමතූ ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ සිරියාවට නැවත නැඟී සිටීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරමින් අමෙරිකාව විසින් පනවනු ලැබූ සම්බාධක ඉවත් කිරීමට තීරණය කළ බවය. එමෙන්ම සිරියාවේ නව රාජ්‍ය නායකයා තරුණ, ආකර්ෂණීය සටන්කාමී පුද්ගලයකු බව කියමින් ජනාධිපතිවරයා ඔහු පැසසුමට ලක් කළ බවද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT