Friday, May 16, 2025
Home » යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ලට අ​ධිකරණයෙන් නියෝගයක්

යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ලට අ​ධිකරණයෙන් නියෝගයක්

by chanaka
May 16, 2025 3:25 pm 0 comment

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට අදාළ පැමිණිල්ල යළි ජුලි මස 11 වැනිදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි.

මෙම පැමිණිල්ල අද (16) කැඳවූ අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොර්ස්ට් යන අය අධිකරණයේ පෙනී සිටියේය.

එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබෙන බව සඳහන් කර ඇ​ත

එම කරුණ කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා මෙම පැමිණිල්ල යළි ජුලි මස 11 වනදා කැඳවන ලෙස නියම කර ඇති අතර එදින මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කරුණ සලකා බලන බවත් අධිකරණය දැනුම් දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT