Friday, May 16, 2025
Home » හජ් වන්දනාවට මෙරටින් ගිය පළමු කණ්ඩායම සෞදි අරාබියට ළඟා වෙයි

හජ් වන්දනාවට මෙරටින් ගිය පළමු කණ්ඩායම සෞදි අරාබියට ළඟා වෙයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

වාර්ෂික හජ් වන්දනාවට මෙරටින් පිටත්ව ගිය පළමු කණ්ඩායම සෞදි අරාබියට ළඟා වී තිබේ.

වන්දනාකරුවන් 46කගෙන් සමන්විත කණ්ඩායම ජෙඩාහි කිං අබ්දුල් අසීස් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා වූ අවස්ථාවේ සෞදි අරාබි රාජධානියේ ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් සහ වැඩබලන කොන්සල් ජනරාල් මෆුසා ලෆීර් මහත්වරු සහ ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලයේ නිලධාරීන් විසින් ඔවුන් උණුසුම් ලෙස පිළිගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන්ගේ පළමු කණ්ඩායම Zam Zam ශුද්ධ ජලය සහ අජ්වා රටඉඳි පිළිගන්වමින් පිළිගෙන තිබෙන අතර, තානාපති අමීර් අජ්වාඩ් මහතා, වන්දනාකරුවන්ට සිය සුබපැතුම් පළ කරමින් ගමනේ ආධ්‍යාත්මික වැදගත්කම අවධාරණය කර තිබේ. ආරක්ෂිත සහ ආධ්‍යාත්මික වශයෙන් පොහොසත් හජ් අත්දැකීමක් සහතික කිරීමට රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ජෙඩාහි කොන්සල් ජනරාල් කාර්යාලය පූර්ණ සහයෝගය සහ සහාය ලබාදෙන බවට සහතික වී ඇති අතර, වන්දනාකරුවන්ට ඔවුන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය විසින් සපයන මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බවට තානාපතිවරයා දැනුම් දී ඇත. මේ වසරේ, ශ්‍රී ලාංකික හජ් වන්දනාකරුවන් 3,500කට පහසුකම් සැලසීමට කටයුතු යොදා තිබෙන අතර, මේ සම්බන්ධීකරණයට ශ්‍රී ලංකා හජ් මෙහෙයුම නම් කරන ලද සෞදි සේවා සපයන්නා වන සෞදි හජ් සහ උම්රා අමාත්‍යාංශය සහ දේශීය සංචාරක ක්‍රියාකරුවන් අතර සමීප සහයෝගිතාවක් ඇතුළත් වන බවද විදේශ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT