Friday, May 16, 2025
Home » අයිස් හා කුඩු මුරුක්කු පැකට්ටුවක සඟවා රැඳවියකුට දෙන්න යද්දී අසු වූ කත රිමාන්ඩ්

අයිස් හා කුඩු මුරුක්කු පැකට්ටුවක සඟවා රැඳවියකුට දෙන්න යද්දී අසු වූ කත රිමාන්ඩ්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

දෙව්නි මහගමගේ

‎මුරුක්කු පැකට්ටුවක සඟවා අයිස් හා හෙරොයින් බන්ධනාගාර රැඳවියකුට ලබාදීමට යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගරගත කිරීමට මාලිගාකන්ද අතිරේක මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය ඊයේ (14) නියෝග කළාය.‎‎ අවිස්සාවේල්ල පාර ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි මුත්තයියා කාලි අම්මා නම් සැකකාරිය මෙලෙස රක්ෂිත බන්ධනාගරගත කළේය.

‎සැකකාරිය කිලෝ එකක් බරැති මුරුක්කු පැකට්ටුවක් කපා ඒ තුළට අයිස් හා හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් දෙකක් දමා නැවත සීල් කර බන්ධනාගාරයට රැගෙන ගොස් ඇති බවට බොරැල්ල පොලීසිය අධිකරණයේ කරුණු වාර්තා කළේය.

රැඳවියන් හමුවන ස්ථානයේදී ‎සැකකාරිය සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත බන්ධනාගර නිලධාරීන් විසින් පරීක්ෂා කර බැලීමේදී හෙරොයින් මිලිග්‍රෑම් 5625ක්‌ සහ අයිස් මිලිග්‍රෑම් 4674 ප්‍රමාණයක් හමු වී ඇති බවත් පසුව සැකකාරිය හා මත්ද්‍රව්‍ය බොරැල්ල පොලීසිය වෙත බාර දුන් බව ද පොලීසිය අධිකරණයේ කරුණු වාර්තා කළේය.‎‎ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT