කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධාන කරන බුද්ධ රශ්මි වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙන Òවෙසක් බැති ගී සරණියÓ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී තෙවැනි දිනටත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය සහ කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (14) සවස 6.30ට ආරම්භ විය.
වෙසක් බැති ගී සරණියේ තෙවැනි දිනයේ ශ්‍රී ලංකා පොලීසියේ වාද්‍ය වෘන්දය වාදනයෙන්ද, ජනප්‍රිය ගායන ශිල්පීන් වන ඉලියාස් බෙග්, ඉමාන් පෙරේරා, බුද්ධික උෂාන් සහ ශ්‍රී ලංකා පොලිස් බැති ගී කණ්ඩායම ගායනයෙන්ද සහභාගි වූහ. ඊට සමගාමීව වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක්ද ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.