ශ්‍රි ලාංකික වෘත්තිකයන් සම්බන්ධයෙන් සෞදි අරාබියානු රැකියා නියෝජිතායතන තුළ විශාල ඉල්ලුමක් පවතින බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
තවදුරටත් දියුණු කළ යුතු රැකියා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුකර තිබෙන බව පෙන්වා දෙන ඒ මහතා, ලෝකයේ දැනට පවතින රැකියා ඉල්ලුම අනුව විශාල ප්‍රතිචාර ලැබී තිබෙන බවද ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ඉතාම සුබවාදී ආකල්ප පවතින බවද පෙන්වා දෙයි.
සෞදි අරාබියා විෂන් 2030 (Saudi Arabia’s Vision 2030) වැඩසටහනට පූර්වගාමීව සිදු කරන රැකියා ප්‍රවර්ධන වැඩසටහනට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ විශේෂ දූත පිරිසක් සහභාගි වූ අතර, එහිදී ශ්‍රී ලාංකික වෘත්තිකයින්ට වැඩි රැකියා අවස්ථා ලබාගැනීම සඳහා සෞදි අරාබි ආයතනවල නියෝජිතයන් සමඟ සාකච්ඡාවල නිරත විය.
සෞදි අරාබියා විෂන් 2030 යනු ආර්ථික, සමාජීය හා සංස්කෘතික වශයෙන් වැඩිදියුණු කරන ලද විචිත්‍රවත් සමාජයක්, සමෘද්ධිමත් ආර්ථිකයක් හා අභිලාෂගාමී ජාතියක් තුළින් සෞදි අරාබියේ ඉහළ ආර්ථික සංවර්ධනය උදෙසා වර්ෂ 2030දී ළඟාවන ඉලක්කයයි. එම ඉලක්කය වෙනුවෙන් රට තුළ සිදු කෙරෙන විශාල සංවර්ධනයේ දී රැකියා අවස්ථා දහස් ගණනක් බිහිවන අතර, එම රැකියා අවස්ථා විදේශ ශ්‍රමිකයින් වෙත ද ලබාදීමට සෞදි රජය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිකිරීම්, හෝටල් හා සංචාරක, සෞඛ්‍ය සේවා සහ මූල්‍ය හා තාක්ෂණික යන ප්‍රධාන ක්ෂේත්‍රවල වෘත්තීය රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලංකාවට ලබා ගැනීමට මෙම නියෝජිත පිරිස එහිදි කටයුතු කිරීමට නියමිතයි.