දෙමළ ජන සංහාරය සම්බන්ධයෙන් නඟන චෝදනාව තහවුරු කළ නොහැකි පදනම් විරහිත චෝදනාවක් බවට කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා ප්‍රකාශ කළේය.
දෙමළ ජන සංහාරය නමැති චෝදනාව පදනම් විරහිත, ද්වේශ සහගත වැරදි තොරතුරු මත කරන සාවද්‍ය ප්‍රකාශයක් සහ චෝදනාවක් බව පෙන්වා දෙන ඒ මහතා ඒ වගේම යුද්ධයෙන් පසුව ගොඩනැඟෙන සමාජ සංහිඳියාවට මෙය බරපතළ බාධාවක් යන මතය එවකට ශ්‍රී ලංකා රජය පෙන්වා දුන් බවද සඳහන් කළේය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,
“කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකයක් ඉදිකොට විවෘත කිරීමක් පසුගිය දවසක සිදු වුණා. මේ එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකය ඉදිකිරීම පිළිබඳව උත්සාහය සම්පූර්ණ වශයෙන්ම යටපත් වෙලා තිබුණේ. මේ උත්සාහය දැරුවේ 2024 අගෝස්තු මාසයේ මුල. ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට පෙර 2024 මාර්තු මාසයේ කැනඩාවේ කළ සංචාරයේ දී සහ ඔහුගේ ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ අරමුණ නැවත උත්දීපනය වුණා. මේ බ්‍රැම්ප්ටන් නගර සභාවේ මූලිකත්වය ඇතිව එරට සිටින එල්.ටී.ටී.ඊ. හිතවාදි ප්‍රජාව විසින් මේ එල්.ටී.ටී.ඊ. සමරු ස්මාරකය ඉදිකිරීම සඳහා මුල්ගල තිබුණේ 2024 අගෝස්තු මාසයේ 14 දා. ඒ අවස්ථාවේ දී ශ්‍රී ලංකා රජය විදිහට ඒ මොහොතේ විදේශ ඇමැති අලි සබ්රි මහතා මේ පිළිබඳව ශ්‍රී ලංකා රජයේ විරෝධය පළ කළා. ඒ විරෝධය පළ කිරීමේ අවස්ථා අදියර කිහිපයක දි සිදුවුණා.
පළමුව ශ්‍රී ලංකාවේ සිටින කැනේඩියානු මහකොමසාරිස්වරයාව විදේශ අමාත්‍යාංශය වෙත කැඳවලා මේ පිළිබඳව අකමැත්ත සහ අප්‍රසාදය පළ කළා. ශ්‍රී ලංකා රජය ඒ මොහොතේ දී දරපු ස්ථාවරය, මේ දෙමළ ජනසංහාරේ නමැති චෝදනාව පදනම් විරහිත, ද්වේශ සහගත වැරදි තොරතුරු මත කරන සාවද්‍ය ප්‍රකාශයක් සහ චෝදනාවක්. පළාත් පාලන මැතිවරණයක ජනමතය සම්බන්ධ ස්වාභාවික නිරූපණයක් සභාව තුළ තිබෙනවා. ඒ ස්වාභාවික නිරූපණය විකෘති කිරීමේ වුවමනාවකින් අපි කිසිදු පාර්ශ්වයක් අතහැරීම හෝ සහය දීමක් සිදුකරන්නේ නැහැ. එය තමයි අපේ ස්ථාවරය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමයි මේ මැතිවරණ ප්‍රතිඵලය අඩුම කාලයකින් වැඩිම වේගයකින් ඉදිරියට පැමිණ තිබෙන දේශපාලන ව්‍යාපාරය. අපි මේ වේගයට වඩා වැඩි වේගයකින් ඊළඟ ජාතික මැතිවරණ අවස්ථාව දක්වා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ රැගෙන ඉදිරියට යනවා” යනුවෙන් සඳහන් කළේ ය.