පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ සියලු කණ්ඩායම් එක් වෙමින් සිටින බව හිටපු වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි දේශපාලන කාර්යාලයේදී පසුගියදා පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේද කීය.
ආණ්ඩුවට බහුතර බලය නැති පළාත් පාලන ආයතනවල බලය ඒකාබද්ධව පිහිටුවීමට විපක්ෂය කටයුතු කරනවා. එය සාර්ථක වෙමින් පවතිනවා. එවිට ආණ්ඩුවට බලය ඇත්තේ පළාත් පාලන ආයතනවලින් තුනෙන් එකකට පමණයි. තුනෙන් දෙකකම බලය හිමි වන්නේ විපක්ෂයටයි.
එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණෙන් අවසන් වතාවට මැතිවරණයකට ඉදිරිපත් වූ විට ලැබුණේ ඡන්ද දෙලක්ෂ පනස් දහසක් පමණයි. අලියා ලකුණෙන් මෙවර ඉදිරිපත් වී ඡන්ද හාරලක්ෂ අසූදහසක් ලැබී තිබෙනවා. ආසන්න වශයෙන් ඡන්ද ප්‍රමාණය දෙගුණයක් වී තිබෙනවා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සිය ඡන්ද පදනම වැඩි කර ගෙන තිබෙනවා. පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය තරග කළේ සන්ධානයකිනුයි.
තමන්ගේ ඡන්ද පදනම අඩු වුණේ ඇයි දැයි මාලිමාව විග්‍රහ කර ගත යුතුයි. හොරුත් එක්ක තමන් නැති බව මාලිමාව පැවැසුවා. ස්වාධීන කණ්ඩායම්වලින් එන්නෙත් හොරු බවයි කිව්වේ. එදා හොරු වුණු අය අද බලය පිහිටුවන්න හොඳ අය වෙලා තිබෙනවා. ස්වාධීන කණ්ඩායම් ඒ සඳහා එකඟ වේ යැයි මා සිතන්නේ නැහැ. සමස්ත විපක්ෂය එක් තැනකට එමින් සිටිනවා.
පළාත් පාලන ආයතනවලට ආණ්ඩුවෙන් ප්‍රතිපාදන ලබා දිය යුතු යැයි ව්‍යවස්ථාවේ සඳහන් වී නැහැ. එසේ ලබා දෙන්න ගිණුමකුත් නැහැ. පළාත් පාලන ආයතන ස්වාධීනයි. ඔවුන් සල්ලි උපයාගත යුතුයි. මධ්‍යම රජයට හැකියාව ඇත්තේ පළාත් පාලන ආයතනවලට ව්‍යාපෘති ලබා දීමට පමණයි. මේ බවක් නොදන්නා රටේ නායකයා මාලිමාවට ඡන්දය දුන්නොත් පමණක් එම ආයතනවලට සල්ලි ලබා දෙන බව ප්‍රකාශ කළා. ගුරාගේ හැටියටයි ගෝලයොත් යන්නේ. මේ ආණ්ඩුව ඉතාම අසාර්ථක ආණ්ඩුවක්. ඒ නිසා රට බරපතළ අගාධයකට යනවා. විදේශ සංචිත සියයට තුනයි දශම දෙකකින් අඩු වෙලා තිබෙනවා. අප්‍රේල් මාසයේ පමණක් ඩොලර් මිලියන දෙසීයකින් අඩු වී තිබෙනවා. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බ කරල ගිය ඩොලර් බිලියන හයයි දශම හය ටික ටික කකා ඉන්න බවක් පේනවා. එය වැඩි කර ගන්න උත්සාහයක් නැහැ. ජනතාව ලක්ෂ විසි තුනක් ගැලෙව්ව හේතුව දැන් පැහැදිලියි.