6
සරසවි සිසුන් දෙදෙනකු ගමන් ගත් යතුරුපැදියක් ඊයේ(15) උදෑසන ඒ 09 මාර්ගයේ මැදවච්චිය – සංගිලි කනදරාව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටීමෙන් අනතුරකට පත්ව ඇත.
ඒ අනතුරින් යතුරුපැදිකරු වූ බදුරලියේ පදිංචි 24 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව අති අතර පසුපස ගමන්ගත් තරුණයා තුවාල ලබා ඇත.මේ සරසවි සිසුන් දෙදෙනා අවිස්සාවේල්ලේ සිට වවුනියාව විශ්වවිද්‍යාලය බලා යමින් සිටියදී මේ අනතුර සිදු වී තිබේ.
යතුරුපැදියේ පිටුපස ගමන් ගත් තරුණයා ද තුවාල ලබා මැදවච්චිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර අනතුරට හේතුව රියදුරුට නින්ද යන්නට ඇති බවට පොලිසිය සැක කරයි.