කොත්මලේ, රම්බොඩ ප්‍රදේශයේ සිදු වූ මාරක බස් අනතුරින් පසු එම බස් රථය පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වූ වයි.එම්.යූ.එස්. බණ්ඩාර මහතා කොත්මලේ පොලීසියට පැමිණ එම බස් රථය පරීක්ෂා කරනු ලැබීය.
මෙම බස් රථ අනතුර පිළිබඳව සොයා බැලීම සඳහා මේ වන විට කමිටු කිහිපයක්ම පත්කර ඇති අතර රස පරීක්ෂක වාර්තාව ලබා ගැනීම සඳහා ද කටයුතු කර ඇත.
ඒ අනුව කොත්මලේ පොලිස් භූමියේ නවතා ඇති බස් රථය පරීක්ෂා කිරීම සඳහා පැමිණි රස පරීක්ෂකවරයා බොහෝ වේලාවක් එම කාර්යයේ නිරතව සිටිමින් කරුණු රැස් කළේය.
මේ සඳහා කොත්මලේ පොලීසියේ සහාය ලබා නොගෙන තිබූ අතර මේ සඳහා උඩුපුස්සැල්ලාව පොලිස් නිලධාරීන්ද පැමිණ සිටියහ.
රස පරීක්ෂකවරයා සුන්බුන් ගොඩක් බවට පත්ව ඇති බස් රථය පරීක්ෂා කිරීමෙන් පසු බස් රථය පෙරළී තිබූ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශය වෙතද ගොස් එම ස්ථානය ද පරීක්ෂා කරනු ලැබීය.
මේ අතර කොත්මලේ පොලීසිය වෙත පැමිණ සිටි නානුඔය පොලිස් නිලධාරීන් විසින් බස් රථයේ පැමිණ අනතුරට මුහුණ පෑ මගීන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගනු ලැබීය.
මෙම අවස්ථාව අධීක්ෂණය කිරීම සඳහා නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හක්මන මහතාද පැමිණ සිටියේය.