Friday, May 16, 2025
Home » මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසම අවසර ඉල්ලයි

මහින්දානන්දගෙන් ප්‍රකාශයක් ගන්න අල්ලස් කොමිසම අවසර ඉල්ලයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

කල්පනි අබේසිංහ

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ඉකුත් රජය සමයේ මෙරටට ආනයනය කිරීමේ සිද්ධියකට අදාළව හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය හමුවේ ඊයේ (15) ඉල්ලීමක් කළේය.

ඒ මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් ගොනුකර ඇති අපේක්ෂිත ඇප අයදුම සම්බන්ධව කරුණු දැක්වීමට අවශ්‍ය බවට මෝෂන් පත්‍රයක් ගොනුකරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවයි.

එසේ කරන ලද ඉල්ලීම සලකා බැලීම ලබන මස 19 වැනිදා සිදු කරන ලෙස ද නියෝග කෙරිණි.

ඒ අනුව මෝෂන් පත්‍රය කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ හිටපු ඇමැතිවරයා ගොනු කර තිබෙන අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය සම්බන්ධයෙන් කොමිසමට නොතීසියක් ලැබී නොමැති බවයි.

අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය සම්බන්ධයෙන් කොමිසමට කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පෙත්සම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශ්වය ද මෙතෙක් අධිකරණයට කරුණු තහවුරු කර නොමැති බවත් එළැඹෙන සඳුදා දින ඒ සම්බන්ධව කරුණු තහවුරු කරන බැවින් එදිනට මෙම ඉල්ලීම සම්බන්ධව ද කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා සිටියේය.

ප්‍රමිතියෙන් තොර චීන කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යනුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන් රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුහරින ලෙස ඉල්ලා හිටපු ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඊයේ දින අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප ඇයැදුම් පතක් ගොනු කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT