55
ආනයන සීමා ලිහිල් කරමින් ලුණු ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට රජය තීරණය කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) රැස් වූ කැබිනට් මණ්ඩලය මේ සඳහා අනුමැතිය පළ කර තිබේ. ඒ අනුව ජූනි 10 වන දින දක්වා ලුණු ආනයනය කිරීමට අවසර හිමි වන අතර, කර්මාන්ත සඳහා අවශ්‍ය අයඩිනීකරණය නොකරන ලද ලුණු සහ ආහාරයට ගන්නා අයිඩිනීකරණය කරන ලද ලුණු ආනයනයට මේ යටතේ අවසර ලැබේ.