14
නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක්කටා’ නමැති සංවිධානාත්මක අපරාධකරු කොළඹ, මහාධිකරණය වෙත නඩු කටයුත්තක් සඳහා රැගෙන ඒමේ දී සහ නැවත අධිකරණ භූමියෙන් රැගෙන යාමේ දී මාධ්‍ය වෙත ටිරාන් අලස් සහ දේශබන්දු තෙන්නකෝන් මහත්වරුන් සම්බන්ධයෙන් සිදු කරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මොහු පෙරේදා (14) අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර තිබිණි. ඒ සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් පත්කර ඇති අතර, ඊයේ (15) දින සිට විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය ප්‍රකාශ කරයි.