Friday, May 16, 2025
Home » නොමිලේ ප්‍රවාහන දන්සලක්

නොමිලේ ප්‍රවාහන දන්සලක්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ඉංගිරිය මධ්‍යම සමූහ - ප්‍රියදර්ශනී කහවල

වෙසක් පොහොය නිමිත්තෙන් රටපුරා විවිධ දන්සල් සංවිධානය වෙද්දී ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිමලගම ගම්මානයෙන් අපූරු දන්සලක් වාර්තා විණි. එනම්, නිමලගම – හොරණ පුද්ගලික බස් රථය සම්පූර්ණ දිනයක් මුළුල්ලේ එහි සියලුම ගමන් වාර මහජනතාව වෙනුවෙන් නොමිලයේ ධාවනය කිරීමයි. එම්.ඒ.යූ. ජයමිණ සහ කීර්ති උඩවත්ත දෙපොළ විසින් සිදු කළ මෙම සද්කාර්යය මෙලෙස ඔවුන් විසින් සිදු කරනු ලැබූයේ දෙවන වරට වන අතර, එළඹෙන පොසොන් පොහොයට සමගාමීවද මෙම කාර්යය තෙවන වරටත් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ඔවුහු පවසා සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT