17
කළුතර දකුණ මුහුදු වෙරළට පෙරේදා (14) පෙරවරුවේ ඩොල්පින් මත්ස්‍යයින් 6 දෙනෙකු ගොඩ ගසා පැමිණි බව කළුතර නාවික ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
ගොඩගසා ඇති සත්ත්වයින් හය දෙනාම කිසියම් අනතුරුවලට ලක්ව ඇති බව පශු වෛද්‍ය ඒකකය සඳහන් කරයි.
ප්‍රදේශයේ මුහුද රළු ස්වභාවයක් ගෙන ඇති බැවින් බෝට්ටු මුහුදට යොමු කිරීම ගැටලුසහගතව ඇති බවද ජීවිත ආරක්ෂක නිලධාරීන් සඳහන් කළේය.
කළුතර නාවික ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් මුහුදු වෙරළට ගොඩ ගසා පැමිණි සත්ත්වයින් යළි මුහුදට යොමු කිරීමට මහත් වෙහෙසක් දරන අයුරු දැකගත හැකිවිය.