නුවරඑළියේ සිට තලවකැලේ, සෙන්ක්ලෙයාර් වත්ත දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයේ කන්දක ගැටීමෙන් පෙරේදා (14) අනතුරක් සිදු වූ බව ලිඳුල පොලීසියේ නිලධාරියෙක් පැවසීය.
පෙරේදා (14) පස්වරු 5:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ තලවකැලේ ලිඳුල, මල්ලිඅප්පු ප්‍රදේශයේදීය.
නීතිඥවරයා විසින් ධාවනය කළ මෝටර් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව කන්දේ ගැටී අනතුර සිදු වී ඇති බවත්, එයින් නීතිඥවරයාට කිසිදු අනතුරක් සිදු වී නොමැති බවත්, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇති බවත් අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වන ලිඳුල පොලීසිය පැවසීය.
අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කිරීමේ චෝදනාව යටතේ රිය පැදවූ නීතිඥවරයාට එරෙහිව නුවරඑළිය මහ අධිකරණයේ කරුණු වාර්තා කරන බව ලිඳුල පොලීසියේ නිලධාරියෙකු තවදුරටත් පවසා සිටියේය.