5
එප්පාවල, ඉහළහල්මිල්ලෑව ගම්මානයේ නිවෙසක මිදුලෙහි රැඳී සිට ඇති විශාල ප්‍රමාණයේ කිඹුලෙකු නිරුපද්‍රිතව අල්ලා වනජීවී නිලධාරීන් වෙත භාරදීමට ගම්වාසීහු ඊයේ පියවර ගත්හ. අලුයම් කාලයේ පැමිණ ඇති කිඹුලා පැය කිහිපයක අසීරු ප්‍රයත්නයකින් මෙසේ අල්ලා ගැනීමට ගැමියෝ සමත්ව ඇත. ප්‍රියංකරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ තලාව වනජීවී කාර්යාලයේ නිලධාරීන් එක්ව එම කිඹුලා විල්පත්තුව වනෝද්‍යානය වෙත මුදාහැරීමට රැගෙන ගියේය. මෙම කිඹුලා යාබද වැවේ සිට පැමිණෙන්නට ඇතැයි ගම්වාසීහු පවසති.