Saturday, May 17, 2025
Home » ඇත්කඳ රාජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහර ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දින තුනක්

ඇත්කඳ රාජමහා විහාරයේ ශ්‍රී දළදා පොසොන් පෙරහර ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් දින තුනක්

by mahesh
May 16, 2025 1:00 am 0 comment

කුරුණෑගල අතිරේක පුෂ්පකුමාර ජයරත්න

මෙරට ඉපැරැණිම විහාරස්ථානයක් ලෙස සැලකෙන කුරුණෑගල ඓතිහාසික ඇත්කඳ රාජමහා විහාරස්ථානයට සම්බන්ධ වාර්ෂික ශ්‍රී දළදා පොසොන් පෙරහරේ සියවැන්න සනිටුහන් කරමින් පැවැත්වෙන පෙරහර මංගල්‍යය ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙම පෙරහර මංගල්‍යයට සම්බන්ධ සාකච්ඡාවක් ඇත්කඳ රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමියන්ගේ සහ වයඹ පළාත් ආණ්ඩුකාර තිස්ස වර්ණසූරියගේ සහභාගිත්වයෙන් කුරුණෑගල වයඹ පළාත් සභාවේදී පැවති අවස්ථාවේදී මේ කරුණු අනාවරණය කළහ. මෙම දළදා පොසොන් පෙරහර වයඹ පළාත ⁣තුළ පැවැත්වෙන ප්‍රධානම වාර්ෂික පෙරහර මංගල්‍යය ලෙස හැඳින්වේ. ඒ අනුව ජූනි මස 21 වැනිදා සියවෙනි දළදා පොසොන් පෙරහරේ සමාරම්භක උත්සවය කුරුණෑගලදී පැවැත්වෙන අතර, ජූනි මස 23 , 24 හා 25 යන තෙදින පුරාම මෙම පෙරහර කුරුණෑගල නගරයේ වීදි සංචාරය කිරීමට සැලසුම් කර ඇත. මෙම සාකච්ඡාවට ඇත්කඳ රාජමහා විහාරාධිකාරි වීරපොකුණේ සුමංගල, කුරුණෑගල දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක රාගම සුගතානන්ද හිමිවරුන්ද වයඹ පළාත් ප්‍රධාන ලේකම් ඉන්දික ඉලන්කෝන් ඇතුළු උසස් රාජ්‍ය නිලධාරීන් රැසක්ද සහභාගි වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT