Friday, May 16, 2025
Home » පහතරට එළවළු මිල පහත වැටී ගොවීහු අසීරුවේ

පහතරට එළවළු මිල පහත වැටී ගොවීහු අසීරුවේ

by mahesh
May 16, 2025 1:00 am 0 comment

තලාව සමූහ - බ්.ඩබ්.ඩී. ධර්මකීර්ති

දිවයින පුරා එළවළු සිල්ලර මිල ශීඝ්‍රයෙන් ඉහළ යද්දී තඹුත්තේගම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පහතරට එළවළු මිල පහත වැටී තිබේ.

පහතරට එළවළු මිල පහත වැටී තිබුණත් උඩරට එළවළු මිල ඉහළ ගොස් ඇති බව තොග ව්‍යාපාරිකයෝ පවසති.

පිට පළාත්වල එළවළු සිල්ලර මිල ඉහළ ගොස් ඇත්තේ ගොවීන්ගේ හෝ ආර්ථික මධ්‍යස්ථානයේ වරදකින් නොවන බවත් අතරමැදියන් විසින් මිල ඉහළ යවා ඇති බව ආර්ථික මධ්‍යස්ථානයේ තොග ව්‍යාපාරිකයෝ පවසති.

සිල්ලර ව්‍යාපාරිකයන් පවසන්නේ ගොවීන්ගේ ප්‍රමිතියෙන් තොර එළවළු රැගෙන ගොස් ප්‍රවාහන වියදම් සහ ප්‍රමිතියෙන් තොර එළවළු ඉවත් කිරීමෙන් පසු ලාභයක් ගැනීමට නම් ඉහළ මිලකට විකිණීමට සිදු වන බවයි.

පහතරට එළවළු රැගෙන ආ ගොවීන් පවසන්නේ පහතරට එළවළු මිල පහත වැටී ඇති නිසා එම මිලට විකුණා ඔවුන්ට ගිය වියදමවත් සොයා ගැනීමට අපහසු බවය.

ඊයේ(15) දින ආර්ථික මධ්‍යස්ථානයේ උඩරට එළවළු මිල ලීක්ස් 160/180/=, කැරට් 800/830/=, ගෝවා, බීට් 500/=, බෝංචි 350/400/=, මාලුමිරිස් 700/=ට ඉහළ ගොස් තිබුණි.

පහතරට එළවළු මිල අමුමිරිස් 200/250/=, වට්ටක්කා 120/130/=, කැකිරි 60/ 70=, තක්කාලි 300/400/=, මෑකරල් 30/40/=, බණ්ඩක්කා 180/200/=පිපිඤ්ඤා 30/40/=, ප‍තෝල 200/=බ‍ටු 200/250/=, රාබු 100/120/=, වැටකොළු 200/= එළවළු මිල පහත වැටී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT