Friday, May 16, 2025
Home » මාලඹේ සුසිලාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහ වාහල්කඩ සසුනට පූජා කෙරෙයි

මාලඹේ සුසිලාරාම විහාරස්ථානයේ බුද්ධ මන්දිරය සහ වාහල්කඩ සසුනට පූජා කෙරෙයි

by mahesh
May 16, 2025 1:00 am 0 comment

කොට්ටාව සමූහ - ප්‍රදීප් කුමාර

මාලඹේ සුසීලාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ බුද්ධ මන්දිරය සහ වාහල්කඩ සසුනට පූජා කිරීමේ මහා පින්කමක් ආචාර්ය අග්ග මහා පණ්ඩිත අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්වයේ අතිගරු මහානායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් (12) දාට යෙදී තිබූ වෙසක් පුර පසළොස්වක පෝදා පැවැත්වුණි.

මියගිය නීතිඥ සුනිල් චන්ද්‍රවංශ මල්ලවආරච්චි (පියාට) පින් පිණිස නීතිඥ සශ්‍රිකා මල්ලව ආරච්චි දියණිය හා ආසිරි මල්ලවආරච්චි පුතා විසින් අභිනව බුද්ධ මන්දිරය ඉදිකොට සසුනට පූජා කරන ලදි.

මියගිය ඩබ්ලිව්.ජී. කරෝලිස් අප්පුහාමි පියාට, ඩබ්ලිව්. හින්නිහාමි මවට සහ ඩබ්ලිව්. ජේමිස් අප්පුහාමි පියාට පින් පිණිස සෝමාවතී මවට සෙත්පතා වෙ‍ෙළඳ ව්‍යාපාරික එඩ්වින් ගමගේ මහතා සහ පද්මා වෙල්ගමගේ මහත්මිය විසින්

විහාරස්ථානයේ වාහල්කඩ ඉදිකොට සසුනට පූජා කළහ.

මාලඹේ සුසීලාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පොරවගම විමලරතන කෝට්ටේ සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ උප ප්‍රධාන සංඝනායක මාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අභිනව බුද්ධ මන්දිරය සහ වාහල්කඩ ඉදිකොට සසුනට පූජා කළහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT