හොංකොං දේශයේ The International Center Of Shakyamuni Cultural Limited සංවිධානය මඟින් මිනිපේ ප්‍රාදේශීය සභාව වෙත පරිත්‍යාග කරනු ලැබූ ප්‍රතිආස්‍රැත ජල පිරිපහදු උපකරණය ජනතා අයිතියට පැවරීමේ උත්සවයක් පසුගියදා පැවත්විණි. රුපියල් මිලියන 2ක් පමණ වටිනා මෙම පිරිපහදු උපකරණයේ ධාරිතාව දිනකට ජල මීටර් 5000කි. මෙමඟින් මිනිපේ ජනතාවට දෛනිකව පිරිසිදු පානීය ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
මෙම පිරිපහදු උපකරණය ජනතා අයිතිය පැවරීමේ උත්සව අවස්ථාවට ඉන්දියාවේ ඇසෑම්වල සිට වැඩම කළ සදානන්ද සහ ආනන්ද යන ස්වාමින්වහන්සේලා , හොංකොං ජාතික John Leung, මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් ලක්මාලි අත්තනායක, මිනිපේ සහකාර ප්‍රාදේශීය ලේකම් දීපානි අලහකෝන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
මෙම උපකරණය පරිත්‍යාග කිරීම වෙනුවෙන් සම්බන්ධිකාරක ලෙස කටයුතු කළ සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරි ඩබ්ලිව්.එම්. ගුණරත්න බණ්ඩා මහතා ද සහභාගි විය.