10
මාතලේ ලග්ගල ප්‍රදේශයේ වනයක මැණික් ගැරූ පතලක රොන් මඩේ එරී දින ගණනාවක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි ඇතින්න ඉකුත් 14 දින පෙරවරුවේ දැඩි වෙහෙසක් දරා ගොඩ ගත් බව වනජීවී නිලධාරීහු පවසති.
රජයේ බලපත්‍ර ඇතිව පවත්වාගෙන යන මැණික් පතළ කැණීම් කළ ස්ථානයක මෙම ඇතින්න දින ගණනාවක් එරී සිටියද ඊට නිසි පරිදි අවධානයක් යොමු නොවූ බව පසුගියදා ප්‍රදේශවාසීහු මාධ්‍යයට හෙළිදරවු කළහ. ඒ අනුව මාධ්‍යයෙන් කළ හෙළිදරව්වෙන් පසුව වනජීවී නිලධාරීන් ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව මැණික් පතලේ රොන් මඩේ එරී සිටි මෙම ඇතින්න ගොඩගත්තේ මහත් වෙහෙසක් දරමිනි.