මධ්‍යම පරිසර අධිකාරිය සංවිධානය කරන ‘ජනාධිපති පරිසර සම්මාන – 2025’ වැඩසටහන සඳහා අයදුම්පත් භාර ගැනීම හෙටින් (16) අවසන් වීමට නියමිත වේ.
මධ්‍යම පරිසර අධිකාරියේ නිල වෙබ් අඩවිය වන www.cea.lk වෙත පිවිසීමෙන් හෝ 011-2873447, 011-2872278 දුරකතන අංකවලට හෝ 011-2888999 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතීමෙන් අයදුම්පත් සහ වැඩි විස්තර ලබාගත හැකිය.
කර්මාන්ත අංශය, ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය යන ප්‍රධාන අංශ තුන යටතේ මේ සඳහා අයදුම් කළ හැකි බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි. ඒ අනුව කර්මාන්ත අංශය, මහා පරිමාණ, සුළු සහ මධ්‍ය පරිමාණ ලෙස අනු අංශ දෙකක් ඇත. මේ අනු අංශ දෙකෙහි වෙන වෙනම වර්ග 16 බැගින් ඇති බව ද මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
පොදු අපද්‍රව්‍ය පිරිපහදු කළමනාකරණ පද්ධති, ඝන අපද්‍රව්‍ය නැවත ලබා ගැනීමේ, ප්‍රතිචක්‍රියකරණ, බැහැර කිරීමේ හෝ සැකසීමේ කර්මාන්ත, රසායනික නිෂ්පාදන කර්මාන්ත, වාහන සේවා ස්ථාන, ආහාර පාන නිෂ්පාදන කර්මාන්ත, හෝටල්, රෙදිපිළි පිරිසැකසුම් කර්මාන්ත, ඖෂධ නිෂ්පාදන සහ රූපලාවණ්‍ය නිෂ්පාදන කර්මාන්ත, ආරෝග්‍ය ශාලා, රබර් ආශ්‍රිත කර්මාන්ත, සත්ත්ව ගොවිපොළ, නිමි ඇඳුම් නිෂ්පාදන කර්මාන්ත, තේ සැකසුම් කර්මාන්තශාලා, ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්ත (මුද්‍රණ කටයුතු සහිත), ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, දැවමය ආශ්‍රිත නිෂ්පාදන සහ ලෝහ, යකඩ නොවන ලෝහ, යන්ත්‍රෝපකරණ, විදුලි, ඉලෙක්ට්‍රොනික භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ හෝ එකලස් කිරීමේ කර්මාන්ත එම වර්ග 16යි.
ව්‍යාපාර හා ව්‍යාපෘති අංශය එක් අනු අංශයකින් සහ වර්ග තුනකින් සමන්විත වේ. එනම් පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘති යන අනු අංශය යටතේ කුඩා පරිමාණ ජල විදුලි ව්‍යාපෘති, සූර්යබල ව්‍යාපෘති සහ සුළංබල විදුලි උත්පාදන ව්‍යාපෘති ලෙස වර්ග තුනකි.
ආයතන, ජනමාධ්‍ය හා සමාජ අංශය යටතේ ඇගයීමට ලක්කරන අනු අංශ හයකි. පාසල්, පරිසර හිතකාමී රාජ්‍ය ආයතන, පරිසර හිතකාමී පෞද්ගලික ආයතන, පරිසර සංරක්ෂණය සඳහා කටයුතු කරන රාජ්‍ය නොවන පරිසර සංවිධාන පරිසර හිතකාමී නව නිර්මාණ (පාසල්, විශ්වවිද්‍යාල හා තෘතීයික අධ්‍යාපන ආයතන සහ විවෘත අංශය) සහ ජනමාධ්‍ය අංශය (තනිපුද්ගල සහ පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනී නාළිකා ලෙස මෙහි වර්ග දෙකකි), ජනමාධ්‍ය හා සමාජ අංශය යටතේ ඇති අනු අංශ හයකි.
එමෙන්ම 072-5064285 යන දුරකතන අංකයෙන් සහකාර අධ්‍යක්‍ෂිකා, ආචාර්ය ලක්මිණී රාධිකා මෙණවිය ඇමතීමෙන් ද, 071-3486339 දුරකතන අංකයෙන් ජ්‍යෙෂ්ඨ පරිසර නිලධාරි (වැ.බ.) අර්ෂා කුමාරි මහත්මිය ඇමතීමෙන් ද වැඩිදුර විස්තර ලබා ගැනීමට අවකාශ සලසාදී තිබේ.
සම්මාන උත්සවයේ ඇගයීම් කටයුතු ඒ ඒ අංශයට අදාළ විශේෂඥයන් විසින් සිදු කරන ලද අතර, විශේෂඥ කමිටුවේ තීරණය අවසන් තීරණය වේ. ජනාධිපති පරිසර සම්මාන, රන් සම්මාන, රිදී පරිසර සම්මාන, ලෝකඩ පරිසර සම්මාන සහ කුසලතා පරිසර සම්මාන ආදී ලෙස වූ සම්මාන හිමි කරගැනීමට ජනාධිපති පරිසර සම්මාන උලෙළේදී තරගකරුවන්ට අවස්ථාව හිමි වේ. මෙරට පාරිසරික සුරක්ෂිතතාව සුරැකීමේ අරමුණින් පවත්වන මේ සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.