Home » කඳුරට රන් මහා සටන අද සහ හෙට

කඳුරට රන් මහා සටන අද සහ හෙට

by mahesh
May 16, 2025 1:00 am 0 comment

අසේල කුරුළුවංශ
සුමංගල විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට) අරූජ් ඒකනායක, භානුක දිසානායක (සහකාර පුහුණුකරු), සවිදු නිසල් (උප නායක), සුනන්ද ජයසුන්දර (ක්‍රිකට් භාර ආචාර්ය), දේශප්‍රිය රත්නායක (විදුහල්පති), නිශ්ශංක කරුණාධිපති (සහකාර විදුහල්පති), මොවිදු බාලසූරිය (නායක), චම්පික මධුරංග (ප්‍රධාන පුහුණුකරු), විශල් භාරත, පසු පෙළ - කුසල් බණ්ඩාර, නළන ඉලන්කෝන්, කෞශල්‍යය අමුණුගම, තිසර ගිම්හාන, සයුරංග විජයරත්න, ෂේන් රෂීන්, ගිමන් අරුණෝද්, නිම්සර දිනෙන්, විහඟ ප්‍රභාෂ, තේමුර සමරතුංග, නිනූෂ් සේනාරත්න, ඕෂිත අභිරූ. රාහුල විදුහල් පිල: ඉදිරි පෙළ (වමේ සිට) - තියුණු සමරනායක (උප නායක), එස්.ඩබ්ලිව්.ටී. බුද්ධික (ක්‍රිකට් භාර ආචාර්ය), එස්.එම්.සී. වීරකෝන් (විදුහල්පති), අජිත් පෙරේරා (සහකාර විදුහල්පති), මදුසංක දාමකගේ (පුහුණුකරු), තවීෂ ජයසූරිය (නායක), පසු පෙළ - කවිඳු සමරවීර, භාණුක බණ්ඩාර, ප්‍රබෝද් ද සිල්වා, චමිඳු සත්සර, සොනාල් විජේසිරි, කනිෂ්ක රාජපක්ෂ, ගීත් ආරියරත්න, චාමික කපිලරත්න, බුද්ධික විජේසිංහ, පහන් විමලවීර, කේෂාන් රත්නායක, පැතුම් බණ්ඩාර, ගගන මහකුඹුර, චිරණ තිලකරත්න, සවිනු මෙන්ඩිස්.

මහනුවර සුමංගල සහ කටුගස්තොට ශ්‍රී රාහුල දෙවිදුහල් අතර 27 වැනි වරට පැවැත්වෙන කඳුරට රන් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (16) සහ හෙට (17) පල්ලෙකැලේ ජත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙයි.

මෙවර සුමංගල විදුහල් කණ්ඩායම මොවිදු බාලසූරිය විසින් ද රාහුල විදුහල් කණ්ඩායම තවිෂ සෙනාල් ජයසූරිය විසින් ද මෙහෙයවනු ලබති.

දෙවිදුහල් අතර මෙතෙක් පවත්වා තිබෙන මහා ක්‍රිකට් තරග 27න් තරග 5ක් ජය ගැනීමට සුමංගල විදුහල සමත්ව තිබේ. රාහුල විදුහල මෙවර තරගයට පිවිසෙන්නේ මංගල ජයග්‍රහණය ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. සුමංගල විදුහල මෙවර තරග 14කට මුහුණදී පූර්ණ ජයග්‍රහණ 7ක් වාර්තා කර තිබේ. රාහුල විදුහල මේ තරගවාරයේදී මුහුණදුන් තරග 8න් තුනක් ජයග්‍රහණය කිරීමට සමත්ව ඇත.

සුමංගල විදුහල වෙනුවෙන් නායක මොවිදු බාලසූරිය ලකුණු 450ක් සමඟ කඩුලු 75ක් බිඳ දමා තිබේ. සවිඳු විසල් කඩුලු 82ක් බිඳ දමමින් පන්දුවෙන් දස්කම් දක්වා ඇත. ශ්‍රී රාහුල විදුහලේ නායක තවිෂ සෙනාල් ජයසූරිය තුන් ඉරියව් දස්කම් දක්වමින් පිත්තෙන් ලකුණු 510 ක් රැස්කර කඩුලු 48ක් බිඳ දමා තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT