Friday, May 16, 2025
Home » රොෂාන් ගුණවර්ධන බැඩ්මින්ටන් මුල් පුටුවට

රොෂාන් ගුණවර්ධන බැඩ්මින්ටන් මුල් පුටුවට

by mahesh
May 16, 2025 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ නව සභාපතිවරයා ලෙස රොෂාන් ගුණවර්ධන මහතා නිතරගයෙන් පත්වීමට නියමිතය. වසර 2025-2027 දෙවසරක කාලසීමාව සඳහා පසුගියදා බැඩ්මින්ටන් ආයතනයේ නිලවරණය වෙනුවෙන් නාමයෝජනා කැඳවීමේදී සභාපතිධුරය සඳහා ඉදිරිපත්වී ඇත්තේ රොෂාන් ගුණවර්ධන මහතාගේ නාමයෝජනාව පමණක් බව වාර්තා වේ.

නිලවරණයට ඉදිරිපත්වූ නාමයෝජනා විශ්‍රාමික සහකාර පොලිස් අධිකාරි එන්.ඒ.ටී. ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු බැඩ්මින්ටන් නිලවරණ කමිටුව විසින් පෙරේදා ප්‍රකාශයට පත් කර තිබේ. බැඩ්මින්ටන් ආයතනයේ වත්මන් ලේකම් අජිත් විජේසිංහ, උපසභාපති බුද්ධික ද සිල්වා, ජාතික තේරීම් කමිටු සාමාජික කමල් ගම්ලත් සහ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති පාලිත හෙට්ටිආරච්චි මහත්වරුද නාමයෝජනා ඉදිරිපත් කර ඇති අතර, ලබන 24 වැනිදා පැවැත්වීමට නියමිත බැඩ්මින්ටන් ආයතනයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී නව සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් පත්වනු ඇතැයි ද වාර්තා වේ.

බැඩ්මින්ටන් ආයතනයේ වත්මන් සභාපති රොහාන් ද සිල්වා මහතා නැවත නිලවරණයට ඉදිරිපත් නොවන බව පසුගියදා ප්‍රකාශ කර තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT