Friday, May 16, 2025
Home » ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව පසිඳු උමයංග අද ආසියානු යොවුන් බොක්සිං වළල්ලට

ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුව පසිඳු උමයංග අද ආසියානු යොවුන් බොක්සිං වළල්ලට

by mahesh
May 16, 2025 12:59 am 0 comment

ෆවුස් මොහොමඩ්

ආසියානු බොක්සිං සම්මේලනයේ හා ශ්‍රී ලංකා බොක්සිං ආයතනයේ සංවිධායකත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන ආසියානු අවුරුදු 22න් පහළ සහ යොවුන් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ පදක්කම් බලාපොරොත්තුවක් වන පසිඳු උමයංග තරග බිමට පිවිසීමට නියමිතය.

පසුගිය වසරේ අගභාගයේ තායිලන්තයේ පැවති ආසියානු එලයිට් බොක්සිං ශූරතාවලියේදී වසර 37කට පසු ශ්‍රී ලංකාවට ආසියානු බොක්සිං පදක්කම් දිනා දුන් පසිඳු උමයංග අද කිර්ගිස්තාන ක්‍රීඩක එර්ගෙෂොව් බෙක්සාට් සමඟ කිලෝග්‍රෑම් 51 බර පන්තියේ තරගයට එක්වීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සිවුදෙනකු අද තරග බිමට පිවිසීමට නියමිතය.

මේ අතර සිවුවැනි දිනයේ තරගවලදී ශ්‍රී ලංකාවෙන් බොක්සිං වළල්ලට පිවිසි මොහොමඩ් අසාර් සහ සසේකා නානායක්කාර පරාජයට පත්වූහ. මොහොමඩ් අසාර් සහ ටජිකිස්තාන ක්‍රීඩක සුල්ටෝනොව් මොහොමඩ් අතර පැවති කිලෝග්‍රෑම් 67 බර පන්තියේ තරගයෙන් ටජිකිස්තාන ක්‍රීඩකයා ජයගත් අතර, කිලෝග්‍රෑම් 60 බර පන්තිය යටතේ කිර්ගීස්තානයේ අඩේලියා අසිල්බෙක් හමුවේ සසේකා නානායක්කාර පරාජයට පත්වූවාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT