Sunday, May 18, 2025
Home » ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු අධ්‍යාපනික පරිවර්තනය චීනය වේගවත් කරයි

ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු අධ්‍යාපනික පරිවර්තනය චීනය වේගවත් කරයි

by chanaka
May 17, 2025 2:29 pm 0 comment

අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල් තාක්ෂණය සමඟින් බලගැන්වුණු බලවත් රටක් ලෙස ගොඩනැංවීම චීනය වේගවත් කරයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ ස්ථාවර සාමාජික, උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා මේ බව පැවසුවේ, පසුගිය 14වැනිදා සවස චීනයේ Hubei පළාතේ Wuhan නගරයේ දී 2025 ලෝක ඩිජිටල් අධ්‍යාපන සම්මේලනයේ සමාරම්භක උළලට එක්වෙමිනි.

චීන රජය ඩිජිටල් අධ්‍යාපනය වෙත ඉහළ වැදගත්කමක් ලබා දෙන බව හෙතෙම පැවසීය. වඩාත් සාධාරණ, ගුණාත්මකභාවයෙන් හා බුද්ධිමත්භාවයෙන් යුත් ජනතාවාදී පූර්ණ ක්‍රියාවලියක් සහිත නවීකරණ ඩිජිටල් අධ්‍යාපන පද්ධතියක් ගොඩනැංවීමට චීනය අඛණ්ඩ ව ක්‍රියා කරන බව ද උප අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී හෙතෙම සිව්වැදෑරුම් යෝජනාවක් ඉදිරිපත් කළේය. මේ සඳහා උසස් මට්ටමේ ඩිජිටල් අධ්‍යාපනික ජාත්‍යන්තර සහයෝගිතා පද්ධතියක් ඒකාබද්ධ ව ගොඩනැංවිය යුතු ය. පූර්ණ හා පුළුල් බහුවිධ හුවමාරු හා සහයෝගිතා තහවුරු කිරීමට ඉන් අපේක්ෂා කෙරේ. ඩිජිටල් තාක්ෂණය, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිවර්තනයට සවිබලයක් වීමේ සහතිකය එක් කරමින් ඩිජිටල් අධ්‍යාපනයෙන් ලබා ගන්නා වූ ප්‍රතිලාභ පුළුල් ලෙස බෙදා ගත යුතු ය. එසේ ම, ඩිජිටල් අධ්‍යාපනය නිසි හා විධිමත් ලෙස වර්ධනය තහවුරු කළ යුතු බව ද චීන උප අග්‍රාමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

2025 ලෝක ඩිජිටල් අධ්‍යාපන සම්මේලනයේ ප්‍රධාන තේමාව ‘අධ්‍යාපන සංවර්ධනය හා පරිවර්තනය: බුද්ධිමත්භාවයේ යුගය’ යන්නයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT