Saturday, May 17, 2025
Home » ලාංකිකයින් 692කට ඊශ්‍රායල් හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා

ලාංකිකයින් 692කට ඊශ්‍රායල් හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා

by chanaka
May 17, 2025 11:56 am 0 comment

2025 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ කාලය තුළදී ශ්‍රි ලාංකිකයින් 692 කු සඳහා ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබේ.

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවූ 5 වන කණ්ඩායමට අයත් රැකියා ලාභීන් 177 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ලබාදීම ඊයේ (16) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩබලන සභාපති ජානක අධිකාරී මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්යාංශයේදී සිදුකරන ලදී. එම පිරිස මැයි මස 19 හා 20 යන දිනයන්හීදී ඊශ්‍රායලය බලා පිටත්ව යාමට නියමිතයි.

ඊශ්‍රායලයේ හෝටල් ගෘහපාලන හා පවිත්‍රතා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවන්නේ ඊශ්‍රායලය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන හෙයින් එම රැකියා ලබාගැනීම සඳහා වෙනත් පාර්ශවයන් වෙත මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT