Saturday, May 17, 2025
Home » පැපොල රෝගයට ලබා දෙන ඖෂධවල හිඟයක් නැහැ

පැපොල රෝගයට ලබා දෙන ඖෂධවල හිඟයක් නැහැ

-සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

by chanaka
May 17, 2025 12:21 pm 0 comment

පැපොල රෝගයේ අසීමිත ලෙස පැතිරයාමක් මේ දිනවල දක්නට නොලැබෙන බවත්, පැපොල රෝගය වැළඳුනු රෝගීන්ට ලබා දෙන ඖෂධවල කිසිදු හිගයක් රජයේ රෝහල්වල නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අවධාරණය කරයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කරණු ලැබුයේ පසුගිය දිනවල පැපොල රෝගයට ලබාදෙන ඖෂධ හිගයක් සම්බන්ධයෙන් මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කෙරුණු ප්‍රවෘත්ති නිවැරදි කිරීම වෙනුවෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමිණි.

පැපොල රෝගයට වූ එන්නත්කරණයක් රජයේ රෝහල් පද්ධතියෙන් මේ වන තෙක් සිදු නොකෙරුණු බවත්, ඒ සදහා එවැනි අවශ්‍යතාවයක් මතු නොවුනු බවත් මෙහි දී සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා මේ පිළිබදව මාධ්‍යය මගින් ප්‍රචාරය කළ ප්‍රවෘත්ති හිතාමතාම නිර්මාණය කළ ප්‍රවෘත්තියක් බව ද පැවසී ය. මෙය රටේ ඖෂධ හිගයක් පවතින බව පෙන්වීමට දරණ ලද උත්සහයක් බවත්, මෙතෙක් රජයේ රෝහල්වල නොතිබුණ ඖෂධක් යොදාගනෙ එහි ක්ෂණික හිගයක් ඇති වූ බව පෙන්වීමට දරණ උත්සහයක් බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

මෙරට ජනතාවට ලබා දිය යුතු ඖෂධ කිසිඳු හිගයකින් තොර ව අඛණ්ඩ ව ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා ඊට අඳාල ඖෂධ තොග මේ වන විට රට තුළ පවතින බව ද අවධාරණය කළේය. එමෙන් ම පැපොල රෝගයට ලබා දෙන එන්නත් මෙ රට එන්නත්කරණ වැඩසටහනේ ඇතුළත් එන්නත් නොවන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කරන ලදී. මෙවැනි සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම තුළින් එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳව ජනතා විශ්වාසය බිඳ වැටෙන බවත්, එය ඉතා අවාසනාවන්ත තත්ත්වයක් බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ ය.

රජය සහ අමාත්‍යාංශය අපහසුතාවයට පත් කිරීමට අවශ්‍ය නම් වෙනත් ක්‍රමයන් උපයෝගී කරගන්නා මෙන් ද, මෙවැනි අසත්‍ය සහ පදනම් විරහිත ප්‍රවෘත්ති උපයෝගී කර ගැනීම නුසුදුසු බව ද, මේ හේතුවෙන් ජනතාව රෝහල්වලට පැමිණිමට බිය වන බවොත්, එයින් එම සෞඛ්‍ය ආයතන පිළිබඳ තිබෙන ජනතා විශ්වාසනීයත්වය බිඳවැටෙන බවත්, එමෙන් ම මෙරට අපේ ජාතික එන්නත්කරණය පිළිබඳ පවතින ජනතා විශ්වාසය බිඳ වැටීම මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට යහපත් තත්ත්වයක් නොවන බව ද නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා මෙහි දී වැඩිදුරටත් පැවසී ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT