Sunday, May 18, 2025
Home » ”ක්වීන් ඔෆ් ද වර්ල්ඩ්” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න දිවයිනට

”ක්වීන් ඔෆ් ද වර්ල්ඩ්” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න දිවයිනට

by chanaka
May 17, 2025 2:26 pm 0 comment

කටුනායක ටී.කේ.ජී.කපිල

“ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් – එලයිට් – 2025” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න මහත්මිය ඊයේ (16) යළි දිවයිනට පැමිණියාය.

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉකුත් 05වනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වුණි.

ඒ සඳහා ලෝකයේ රටවල් 21ක තරඟකාරියන් 21 දෙනෙකුගේ සහභාගී වී ඇත.

වයස අවුරුදු 45ත් – 55ත් අතර කාණ්ඩයේ පැවති මෙම තරඟයෙන් 50 හැවිරිදි නලනී වික්‍රමරත්න අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.

ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය යටතේ පැවති දක්ෂතම රූ රැජින තරඟ අංශයේ ශූරතාවයද දිනා ගැනීමට සමත් වූයේ නලනී වික්‍රමරත්න මහත්මිය වීම විශේෂත්වයකි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT