123
“ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් – එලයිට් – 2025” තරඟාවලියේ අනුශූරතාව දිනා ගත් නලනී වික්‍රමරත්න මහත්මිය ඊයේ (16) යළි දිවයිනට පැමිණියාය.
ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී ඉකුත් 05වනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වුණි.
ඒ සඳහා ලෝකයේ රටවල් 21ක තරඟකාරියන් 21 දෙනෙකුගේ සහභාගී වී ඇත.
වයස අවුරුදු 45ත් – 55ත් අතර කාණ්ඩයේ පැවති මෙම තරඟයෙන් 50 හැවිරිදි නලනී වික්‍රමරත්න අනුශූරතාවය දිනා ගැනීමට සමත්විය.
ක්වීන් ඔෆ් ද වර්ල්ඩ් තරඟාවලිය යටතේ පැවති දක්ෂතම රූ රැජින තරඟ අංශයේ ශූරතාවයද දිනා ගැනීමට සමත් වූයේ නලනී වික්‍රමරත්න මහත්මිය වීම විශේෂත්වයකි.