Home » අද සවස කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක්

අද සවස කොළඹ රථ වාහන සැලැස්මේ වෙනසක්

by yasara
May 19, 2025 12:15 pm 0 comment

අද(19) පස්වරුවේ පැවැත්වෙන ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය දැනුම් දෙයි.

අද (19) පස්වරු 04.00 සිට පස්වරු 06.30 දක්වා බත්තරමුල්ල පාර්මේන්තුව අසල රණවිරු ස්මාරකයේදී ජාතික රණවිරු සැමරුම් උත්සවය පැවැත්වීමට නියමිතයි.

මෙම කාලසීමාවේදී මාර්ග වසා තැබීමක් සිදු නොකරන අතර, රණවිරු උත්සවය පැවැත්වෙන ප්‍රදේශයේ රථවාහන අවහිරතාවයක් සිදු වුවහොත් පොල්දූව මංසන්ධියේ සිට ජයන්තිපුර හරහා කියන්යෑම් හන්දිය දක්වා පාර්ලිමේන්තු මාර්ගයේ රථවාහන කොළඹින් පිටවීම හා කොළඹට ඇතුලුවීම සීමා කරනු ලබයි.

  • විකල්ප මාර්ග –
    කොළඹින් පිටවන වාහන සඳහා පොල්දූව මංසන්ධියෙන් බත්තරමුල්ල හංදිය දක්වා ගමන් කර පාලම් තුන හන්දියෙන් කියන්යෑම් හන්දිය දක්වා ගමන් කළ හැකියි.
  • කොළඹට ඇතුළුවන වාහන සඳහා කියන්යෑම් හන්දියේ සිට පාලම් තුන හන්දියෙන් බත්තරමුල්ල හන්දිය දක්වා ගමන් කර පොල්දූව මංසන්ධියෙන් කොළඹ දක්වා ගමන් කළ හැකියි.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT