නියමිත මාත්‍රාවට අනුව බෙහෙත් ගත්තේ නැත්නම් ලෙඩේ අඩුවෙනවා වෙනුවට ලෙඩේ හිතාගන්නත් බැරි වේගයෙන් වැඩි වෙන්න පුළුවන්. බෙහෙත් ගනිද්දී විතරක් නෙවෙයි, ජීවත් වෙද්දීත් මිනිස් මාත්‍රාවන්
දැනගන්න ඕන. මේ කියන්නෙත් අන්න ඒ වගේ වැඩ කරද්දි දැනගත යුතුම තවත් අනුපාතයක් ගැන ප්‍රබල රහසක්. එය ඉහත කතා කළ දේවල්වල සාරාංශය කිව්වත් වරදක් නැහැ.
මේක මිනිස් අනුපාතයක්. එනම් 33:33:34 කිසියම් වැඩක් පටන් ගනිද්දි සියලු දෙනාම ඊට සහයෝගය දක්වන්න ඕන කියලා හිතන පුද්ගලයන්ට ජවයක් ගන්න මෙම අනුපාතය ඔළුවේ තියාගත්තට වරදක් නැහැ. අනුපාතයෙන් ඉතාම සරලව කියවෙන්නේ මෙන්න මෙහෙම අදහසක්.
33% = ඔබ කරන වැඩවලට සහ ඔබගේ අදහස්වලට කැමැති පිරිස
33% = ඔබ කරන වැඩවලට සහ අදහස්වලට කැමැතිත් නැති, අකැමැතිත් නැති පිරිස
34% = ඔබ කරන වැඩ සහ අදහස්වලට අකැමැති පිරිස
ඔන්න ඔය දේවල් පදනම් වෙලා තමයි 33:33:34 අනුපාතය කරළියට එන්නේ. බොහොමයක් නවකයන් වගේම සමහර ප්‍රවීණයන් ඔවුන් කරන වැඩවලට සහ ඔබගේ අදහස්වලට අකැමැති 34%ක පිරිස ගැන හිතලා දුක්වෙනවා. ඕනෑම වැඩකට අකැමැති පිරිසක් ඕනෑම තැනක ඉන්නවා. මහත්මා ගාන්ධි අවිහිංසාවාදයේ පියා වුණාට සැලකිය යුතු ඉන්දියානුවන් පිරිසක් ඔහුගේ එම වැඩපිළිවෙළට අකැමැති වුණා.
ඒබ්‍රහම් ලින්කන් ඓතිහාසික අමෙරිකානු ජනපති වුණත් ඔහු වෙඩි තියලා මරලා දැම්මා. මානුෂීය ගුණාංගවලින් යුක්ත නළුවෙක් සේ ප්‍රකට විජය කුමාරතුංග වෙඩි වැදිලා මැරණා. ඒ අප දැක්වූවේ බරපතළම අකැමැත්ත ප්‍රකාශ කිරීම්වලට උදාහරණ කිහිපයක් පමණයි.
ඔබ කරන වැඩවලට සහ ඔබගේ අදහස්වලට අකැමැති 34% අමතක කරලා, ඔබ කරන වැඩවලට කැමතිත් නැති අකැමැතිත් නැති ඉතිරි 33% කැමැති ගොඩට එකතුකර ගන්න උත්සහා කරන්න. ඔබේ වැඩවලට සහ ඔබට අකැමැති 34%ක් දෙනා කැමැති ගොඩට එකතු කර ගන්නවාට වඩා ගොඩක් එය ලෙහෙසියි සහ පහසුයි. නමුත් බොහොමයක් දෙනා ඒ 33% අමතක කරලා හැමදේකටම බැහැ කියන, හැම දෙයකදීම කකුලෙන් අදින පිරිසගේ විරෝධයට බයවෙලා පටන්ගත්ත වැඩ හරියට ඉදිරියට කරගෙන යන්නේ නැහැ. කිසිම වැඩකට හැමෝම කැමැති වෙන්න අවශ්‍ය නැහැ. සැබෑ ලෝකයේ වැඩකරද්දි සහ තීරණ ගනිද්දී සභා තොමෝ සතුටින් විසිර යන්නේ හරිම කලාතුරකින්. අකැමැති අයගේ මතයෙන් වැඩ පටන්ගන්නේ නැතිව කැමැති අයගේ මතයෙන් වැඩේ පටන්ගන්න. එවිට වැඩේ වෙන්න පටන් ගන්නවා.
“මුල් ගුරුතුමනි, මගේ පුතාට කියාදෙන්න හැම මනුෂ්‍යයකුම සත්‍යවාදී සහ සර්වසාධාරණ නොවන බව. මේක මගේ පුතාට කරුණාකර උගන්වන්න. නමුත් ඔහුට කියාදෙන්න හැම තක්කඩියකු, දුර්ජනයකු පාසාම ගුණයහපත් විරයකුත් මේ ලෝකයේ සිටින බව, ඒ කියන්නේ හැම දෙනාම තක්කඩීන් නොවේ. තක්කඩීන් වගේම යහපත් උදවියත් සිටින බව මගේ පුතාට උගන්වන්න. සෑම ආත්මාර්ථකාමී
දේශපාලනඥයකු වෙනුවටම රටේ සුබසිද්ධියට කැපවුණු යහපත් දේශපාලනඥයකුත් ඉන්නා බව මගේ පුතාට ඒත්තු ගන්වන්න.” ඒබ්‍රහම් ලින්කන් ලියූ මුල් ගුරුතුමා වෙතටයි නම් ඓතිහාසික ලිපියේ එහෙම සඳහනක් තියෙනවා.
කැළුම් වැලිගම