Home » අමරදේව මැරුණෙ නෑ බන්..

අමරදේව මැරුණෙ නෑ බන්..

by sachintha
May 19, 2025 1:46 am 0 comment

අමරදේවගේ සින්දු ඉස්සර Old School දැන් Masterpiece

අමරදේවගේ සින්දුවක් වැරදිලා වත් අහපු නැති එකාල අමරදේව මැරුණු අලුත හොය හොය අමරදේවගෙ සින්දු අහන්න පටන් ගත්තා.

උදේ ඉඳන් රෑ වෙනකන් Earphone කනේ ගහන් Hip hop, Trance අහන නංගිල මල්ලිල පිස්සුවෙන් වගේ අමරදේව මාස්ටර්ගෙ සින්දු අහනව.

චී…. ඒව Songs ද අනේ ඒව Old School කියපු අයම අද ඒව Masterpiece කියනව.

මැරෙන්න කලින් නිකන් වත් අමරදේවගේ Post එකක් දාපු නැති වුන් Profile එකත් අමරදේවට වෙනස් කරල, සුදු කොඩි දාල.

සමහරු ගාන්ධර්වයා කියන වචනේ තේරුම Google Search කරනවා.

Night Time data packages තියන ඈයො අමරදේවගේ ඔක්කොම සින්දු තියන torrent එක හොයනවා.

ජීවත්වෙලා ඉන්නකන් නිකමටවත් අමරදේව ගැන කතාකරපු නැති කලාකාරයෝ මළාට පස්සෙ Voice cut දෙනව.

ජීවත් වෙල ඉන්නකන් අමරදේවගෙ ආශාව ඉෂ්ට කරගන්න උදව්කරපු නැති දේශපාලකයෝ මිණිය දැකල මිලියන ගණනින් වෙන්කරල ආශ්‍රම හදන්න කතාකරනව, ප්‍රකාශ නිකුත් කරනව

මොකවත් නොකරම බෑ කියල හිතන සෙට් එක Feeling Sad කියල Wall Post එකක් දානව

මේ දේවල් අහල, දැකල මට හිනා යනව…

අමරදේව මැරුණෙ නෑ බන්.. මැරෙන්නෙත් නෑ……

පැතුම් රත්නායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT