Home » දිව රවටන සීනි රසේ රඟේ

දිව රවටන සීනි රසේ රඟේ

by sachintha
May 19, 2025 1:09 am 0 comment

බෝ නොවන රෝග නිසා (Non communicable diseases /NCD’s)

වයස අවුරුදු 30ත් 69ත් අතර පසුවන්නන් දළ වශයෙන් 143,000ක් වාර්ෂිකව මරණයට පත්වේ

ශ්‍රී ලාංකිකයින්ගෙන් 99.99%ක්ම දැන හෝ නොදැන කොකේන් /හෙරොයින් තරම්ම වූ ඇබ්බැහියකට ලක් වී ඇතැයි පැවසුවොත් බොහෝදෙනෙක් එය හුදෙක් මනෝ විකාරයක් හෝ අතිශයෝක්තියක් ලෙස ප්‍රතික්ෂේප කිරීමට පසුබට නොවනු නො අනුමානයි. එහෙත් ඛේදජනක තත්ත්වය එයයි. මෙම ලිපිය ලියන මමත්,පාඨක ඔබත් අත්මිදිය නොහැකි තරමේ ඇබ්බැහියකට ලක්ව සිටින්නෙමු. වඩාත් සංවේගජනක ප්‍රවෘත්තිය නම් එම ඇබ්බැහිය කොකේන් මත්ද්‍රව්‍යටත් වඩා අට ගුණයක ප්‍රබලත්වයකින් යුක්ත වීමයි. මෙතැන් පටන් අපි ඒ පිළිබඳව විමසා බලමු.

මත් ද්‍රව්‍ය භාවිත කිරීමේදී (කොකේන්/ හෙරොයින්/මත්පැන්) භාවිත කරන පුද්ගලයන් බලාපොරොත්තු වන්නේ එම ද්‍රව්‍ය භාවිතයෙන් පසු ලැබෙන ÒkickÓ එක නොහොත් යම්කිසි ආකාරයක තෘප්තියකට පත් වීමයි. එහිදී විද්‍යාත්මකව සිදු වන්නේ අපගේ මොළයේ ඇති Dopamine (ස්නායු පද්ධතියේ සංඥා ඔබ මොබ ගෙන යෑමට ස්නායු සෛලවලට අවශ්‍ය රසායනයකි) පද්ධතිය මත ක්‍රියා කොට එහි ශ්‍රාවය වන ප්‍රමාණයේ අඩු වැඩිකම් ඇති කිරීමයි. ඒ අනුව පුද්ගලයකුට ලැබෙන්නා වූ තෘප්තිය තීරණය වේ. එමෙන්ම මෙම මත්ද්‍රව්‍ය අපගේ මොළයේ ඇති Reward system (යම්කිසි කටයුත්තක් සාර්ථකව කිරීමෙන්/නිම කිරීමෙන් පසු ව ලැබෙන තෘප්තිය) අතික්‍රමණය කරනු ලබයි. පසු කාලීනව මෙම මත්ද්‍රව්‍ය නොමැතිව එම Òතෘප්තියÓ පුද්ගලයා හට නොලැබී/නොදැනී යයි. ඔබ දන්නවාද අප එදිනෙදා භාවිත කරන ÒසීනිÓ වලිනුත් මොළයේ Reward Centre එක අතික්‍රමණය කරනු ලබන බව? එසේම එහි ප්‍රබලත්වය කෙතරම්ද කිවහොත් ඔබට මත්ද්‍රව්‍යවලින් ගැලවීමට වඩා අටගුණයකින් සීනි භාවිතයෙන් ගැලවීමට අපහසු බව පර්යේෂණාත්මකව තහවුරු වී ඇත.

සීනි කියූ පමණින් බොහෝදෙනකුගේ සිහියට නැඟෙන්නේ සුදු සීනි නැතහොත් දුඹුරු සීනි බව නො අනුමානයි. එහෙත් වර්තමානයේ අප භාවිත කරන ආහාරපාන වලින් 85%කට වඩා නිෂ්පාදනයේදී ÒසීනිÓ රසකාරකයක් /කල් තබා ගන්නා ද්‍රව්‍යයක් සේම ÒBliss pointÓ එක ලබා ගැනීමටද යොදන බව ඔබ දන්නවා ද ? ÒBliss pointÓ යනු යම් ආහාරයක් අනුභව කිරීමේදී ආහාරය ÒරසÓ බව ඔබට දැනීමට අවශ්‍ය සීනි ප්‍රමාණයයි. ඔබත් මොහොතකට සිතා බලන්න. ආහාර වේලක් මගහැර සිටීම පුද්ගලයකුට කොපමණ අපහසුද? තේ එකක් සීනි නොදා බොන්න ගොඩක් අය අකමැතියි.ඒ වගේම තමයි කේක්, බිස්කට් හා අනෙකුත් රස කැවිලි ද අතාරින්න ම බැරි තරම්. එහෙම නේද? ඒත් ඉතාමත් කාර්යබහුල අවස්ථාවක ආහාර වේලක් මගහැරුණොත් එය නොතේරුන අවස්ථා තිබෙනවා නේද? මෙයින් පැහැදිලි වන්නේ බොහෝ අවස්ථාවල අපි සියලු දෙනා ආහාර ලබා ගන්නේ ශරීරයට අවශ්‍ය නිසාවටම නොවෙයි පුරුද්දට, ඇබ්බැහියකට !

එහිදී නිර්ණායක හතක් සඳහන් කෙරෙන අතර ඉන් තුනක් හෝ වැඩි සංඛ්‍යාවක් සැසඳේ නම් එම පුද්ගලයා යම්කිසි ඇබ්බැහියකට ලක්වී ඇතැයි නිගමනයකට පත්විය හැක. එම නිර්ණායක හත පහත සඳහන් කරන අතර ,එය භාවිතයෙන් ඔබ පිළිබඳවම යම්කිසි ස්වයං ඇගැයීමකට ලක් කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි.

1.යම්කිසි ආහාරයක්/ද්‍රව්‍යයක් (Substance) ලබා ගැනීමට ඇති කැමැත්ත . 2.එම ආහාරය/ද්‍රව්‍යය (Substance) අතහැරීමට ඇති වුවමනාව. 3.එම ආහාරය/ද්‍රව්‍යය (Substance) නැවත නැවත භාවිතයට ඇති කැමැත්ත. 4.එම ආහාරය /ද්‍රව්‍යයෙන් (Substance) ඔබගේ එදිනෙදා ජීවිතයට සෞඛ්‍යයට ඇති බලපෑම. 5.එම ආහාරය /ද්‍රව්‍යය (Substance) ගැනීමේ අහිතකර ප්‍රතිඵල දැන දැනත් භාවිතයට ඇති කැමැත්ත . 6.එම ආහාරය /ද්‍රව්‍යය (Substance) ලබා ගන්නා ප්‍රමාණය පසුකාලීනව ප්‍රමාණවත් නොවීම. 7.එම ආහාරය /ද්‍රව්‍යය (Substance) ලබා නොගෙන සිටීමේදී ඇතිවන මානසික හා ශාරීරික ව්‍යාකූලතා.

බොහෝදෙනෙකු සිතා සිටින්නේ Òපෙනෙන්නට ඇති සීනි Òආකාරයට ආහාර නොගත් පමණින් සියලු තත්ත්වයන් සමනය වන බවය. එහෙත් ඉහත සඳහන් කළ පරිදි ÒBliss pointÓ එක ළඟා කර ගැනීමට සකස් කළ ආහාර සියල්ලටම පාහේ Òනියමිත සීනි මාත්‍රාවÓ එකතු කර ඇත!

ඒ අනුව ශ්‍රී ලාංකික ජනතාව වශයෙන් අප සියලුදෙනා දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් ඇත. මෙම ලිපිය ලියන මොහොත වන විට Covid-19 නිසාවෙන් ආසාදිතයින් 79,465ක් වාර්තා වී ඇති අතර ඒ ආශ්‍රිතව වූ මරණ සංඛ්‍යාව 433කි .

එහෙත් බෝ නොවන රෝග නිසා (Non communicable diseases /NCD’s) වයස අවුරුදු 30ත් 69ත් අතර පසුවන්නන් දළ වශයෙන් 143,000ක් වාර්ෂිකව මරණයට පත්වේ. ඒ අප රටේ වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාවෙන් 83%ක ප්‍රතිශතයකි . එය එසේ නම් අප මුලින්ම කළ යුත්තේ නීති විරෝධීව සඟවාගෙන එන මිලි ග්‍රෑම් කිලෝග්‍රෑම් ගණනින් අල්ලන මත්ද්‍රව්‍ය නීතියේ රැහැනට හසු කර ගන්නා අතරම, නීත්‍යනුකූලව ටොන් ගණනින් නැව්වලින් ගෙනැවිත් ගොඩබස්වන සීනි පරිභෝජනය ද අවම කිරීම නොවේද?

වෛද්‍ය, ඩී. එම් අමරසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT